සූරා 24 · ජුස් 18

An-Nur · 24:27

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّىٰ تَسْتَأْنِسُوا وَتُسَلِّمُوا عَلَىٰ أَهْلِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ නිවෙස් නොවන නිවෙස් වලට නුඹලා අවසර පතා එහි වැසියන්ට නුඹලා සලාම් පවසන තෙක් ඇතුළු නොවනු. එය නුඹලාට ශ්‍රේෂ්ඨය. නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස.

තෆ්සීර්

අහෝ අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුගේ පිළිවෙත අනුව කටුයුතු කළවුනි! නුඹලාගේ නිවෙස් නොවන වෙනත් නිවෙස්වලට එහි නිවැසියන් අතරට පිවසීමට පෙර, "අස්සලාමු අලයිකුම්! මම ඇතුලු වන්නදැ?"යි පවසමින් නුඹලා ඔවුන් වෙත සලාම් පවසා ඔවුන්ගෙන් අවසර පතන තුරු නුඹලා ඇතුලු නොවනු. නුඹලාට අණ කරන ලද දෑ මෙනෙහි කරමින් එය පිළිපැදිය හැකිවනු පිණිස නුඹලාට නියෝග කරන ලද එම අවසර පැතීම එකවර ඇතුලු වීමට වඩා නුඹලාට උතුම්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න