සූරා 24 · ජුස් 18
An-Nur · 24:26
الْخَبِيثَاتُ لِلْخَبِيثِينَ وَالْخَبِيثُونَ لِلْخَبِيثَاتِ ۖ وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ ۚ أُولَٰئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَ ۖ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
අසභ්ය කාන්තාවෝ අසභ්ය පුරුෂයින් සඳහා වෙති. අසභ්ය පුරුෂයෝ අසභ්ය කාන්තාවන් සඳහා වෙති. තවද දැහැමි කාන්තාවෝ දැහැමි පුරුෂයින් සඳහා වෙති. දැහැමි පුරුෂයෝ දැහැමි කාන්තාවන් සඳහා වෙති. ඔවුහු ඔවුන් පවසන දැයින් නිදොස් වූවෝ වෙති. ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.
තෆ්සීර්
අසත් පුරුෂයින් හා කාන්තාවන් ද අසභ්ය ප්රකාශ හා ක්රියාවන් ද අසභ්ය දෑට එකඟව හා අනුකූලව පිහිටනු ඇත. එමෙන්ම එවායින් දැහැමි දෑ දැහැමිව පවතින දෑට එකඟව හා අනුකූලව පිහිටනු ඇත. මෙම සත් පුරුෂයෝ හා කාන්තාවෝ අසත් පුරුෂ පිරිමින් හා කාන්තාවන් පවසන දැයින් නිර්දෝෂී අය වෙති. ඔවුනට අල්ලාහ්ගේ සමාව ඇත. එමගින් ඔහු ඔවුන්ගේ පාපකම්වලට සමාව දෙනු ඇත. එමෙන්ම ඔවුනට ගෞරවණීය පෝෂණයක් ද ඇත. එය ස්වර්ග උයන වෙයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න