සූරා 24 · ජුස් 18

An-Nur · 24:22

وَلَا يَأْتَلِ أُولُو الْفَضْلِ مِنْكُمْ وَالسَّعَةِ أَنْ يُؤْتُوا أُولِي الْقُرْبَىٰ وَالْمَسَاكِينَ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللَّهِ ۖ وَلْيَعْفُوا وَلْيَصْفَحُوا ۗ أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

සමීප ඥාතීන්ට, දිළින්දන්ට, අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගියවුන්ට නොදෙන බවට නුඹලා අතුරින් භාග්‍ය සම්පන්නයින් හා වස්තුව ඇත්තන් දිවුරිය නොයුතුය. (ඔවුනට) ඔවුහු සමාව දෙත්වා ! තවද (ඒ ගැන)නොසළකා හරිත්වා! අල්ලාහ් නුඹලාට සමාව දීම ගැන නුඹලා ප්‍රිය නොකරන්නෙහු ද? තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය.

තෆ්සීර්

දහමෙහි භාග්යය ලත් හා ධනයෙන් පොහොසත් උදවිය -අල්ලාහ්ගේ මාර්ගයේ නික්මයෑමෙන් දිළිඳුභාවයට පත්- අවශ්යතාවෙන් පෙළෙන ඔවුන්ගේ ඥාතීන්හට ඔවුන් කළ යම් වරදක් හේතුවෙන් ඔවුනට පිහිට වීම අතහැර දමන මෙන් දිවුරිය නොයුතුය. එය නොසලකා හැර සමාව දිය යුතුය. නුඹලාගේ පාපකම්වලට අල්ලාහ් නුඹලාට සමාව දීම ගැන නුඹලා ප්රිය නොකරන්නෙහු ද? එසේ නම් ඔවුන්ගෙන් එය නොසලකා හැර සමාව දෙන්න. තම ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරතව ඔහු වෙත යොමු වන්නන් කෙරෙහි අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔහුගේ ගැත්තන් ඔහු ගැන බලාපොරොත්තු තැබිය යුතුය. මෙම පාඨය පහළ වූයේ අබූ බක්කර් (රළියල්ලාහු අන්හු) තුමා සම්බන්ධයෙනි. නැගූ එම අභූත චෝදනාවට මිස්තහ් නම් පුද්ගලයා හවුල් වූ බැවින් ඔහුට වියදම් නොකර සිටීමට එතුමා දිවුරා සිටි අවස්ථාවේදීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න