සූරා 24 · ජුස් 18

An-Nur · 24:23

إِنَّ الَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

නියත වශයෙන්ම දෙවියන් කෙරෙහි විශ්වාසය තබන, අහිංසක, පතිවත රකින කාන්තාවන්හට අවලාද පවසන්නන් වනාහි ඔවුන් මෙලොව හා මතු ලොව ශාප කරනු ලැබූවන්ය. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.

තෆ්සීර්

දුරාචාරය පිළිබඳ සැලකිල්ලක් නැති, ඒ ගැන නොදන්නා පතිවත රකින දේව විශ්වාසී කාන්තාවන් හට දූෂිත චොදනා එල්ල කළවුන් වනාහි, ඔවුන් මෙලොව මෙන්ම මතුලොවෙහි අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබූවන් වෙති. ඔවුනට මතුලොවෙහි බරපතල දඬුවම් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න