සූරා 24 · ජුස් 18
An-Nur · 24:21
۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ وَمَنْ يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاءِ وَالْمُنْكَرِ ۚ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَىٰ مِنْكُمْ مِنْ أَحَدٍ أَبَدًا وَلَٰكِنَّ اللَّهَ يُزَكِّي مَنْ يَشَاءُ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ෂෙයිතාන්ගේ පියවර වල් අනුගමනය නොකරනු. තවද කවරෙකු ෂෙයිතාන්ගේ පියවර වල් අනුගමනය කරන්නේ ද එවිට ඔහු අශීලාචාර දෑ හා පිළිකුල් සහගත දෑ නියෝග කරන්නේය. තවද නුඹලා වෙත අල්ලාහ්ගේ අනුග්රහය සහ ඔහුගේ කරුණාව නොවී නම් නුඹලා අතුරින් කිසිවකු හෝ පිවිතුරු නොවනු ඇත. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අය පිවිතුරු කරයි. තවද අල්ලාහ් සර්ව ශ්රාවක සර්ව ඥානීය.
තෆ්සීර්
අල්ලාහ්ව විශ්වාස කොට ඔහු පෙන්වා දුන් පිළිවෙතට අනුව කටයුතු කරන්නනි! ව්යාජ දෑ අලංකාරවත් කර පෙන්වීමෙහි ෂෙයිතාන්ගේ මාර්ග නුඹලා අනුගමනය නොකරනු. කවරෙකු ඔහුගේ මාර්ග පිළිපදින්නේ ද සැබැවින්ම ඔහු පිළිකුල් සහගත ක්රියාවන් හා ප්රකාශ ද, ෂරීආව හෙළා දුටු දෑ ද අණ කර සිටියි. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා මත අල්ලාහ්ගේ භාග්යය නොවී නම් නුඹලා අතරින් කිසිවකු හෝ පාපක්ෂමාවේ නිරත වුව ද, කිසිවිටෙක ඔහු ව පිරිසිදු නොකරන්නට තිබුණි. නමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයගේ පාපක්ෂමාව පිළිගෙන පිරිසිදු කරයි. අල්ලාහ් නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න