සූරා 24 · ජුස් 18
An-Nur · 24:2
الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِنْهُمَا مِائَةَ جَلْدَةٍ ۖ وَلَا تَأْخُذْكُمْ بِهِمَا رَأْفَةٌ فِي دِينِ اللَّهِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِنَ الْمُؤْمِنِينَ
කාම අපචාරයේ යෙදුණු කාන්තාව හා කාම අපචාරයේ යෙදුණු පිරිමියා යන දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම කස පහර සියයක් බැගින් නුඹලා කසපහර දෙනු. නුඹලා අල්ලාහ් පිළිබඳ ව හා පරමාන්ත දිනය පිළිබඳ ව විශ්වාස කරමින් සිටියෙහු නම් අල්ලාහ්ගේ නීතිය තුළ ඔවුන් දෙදෙනා පිළිබඳ කිසිදු අනුකම්පාවක් නුඹලා ව ග්රහණය නොකළ යුතුය. ඔවුන් දෙදෙනාට දෙන දඬුවමෙහි දෙවියන් පිළිබඳ විශ්වාසය තැබූවන්ගෙන් පිරිසක් සාක්ෂි ලෙස සිටිය යුතුයි.
තෆ්සීර්
කන්යා තත්ත්වයේ පසුවන කාම මිථ්යාචාරයේ නියැළෙන කාන්තාවන් හා පිරිමින් වනාහි, ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම කසපහරවල් සියයක් බැගින් දෙනු. නුඹලා අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නෙහු නම්, ඔවුන් දෙදෙනාට දඬුවම් ක්රියාත්මක කළ නොහැකි පරිදි හෝ ඔවුන් දෙදෙනාට එම දඬුවම ලිහිල් කරන පරිදි කරුණාවක් හෝ අනුකම්පාවක් හෝ නුඹලාව ග්රහණය නොකළ යුතු වේ. ඔවුන් දෙදෙනාට දඬුවම ක්රියාත්මක කිරීම සඳහා දේව විශ්වාසීන් අතරින් පිරිසික් ඉදිරිපත් විය යුතුය. ඒ සමගම එය ඔවුන් දෙදෙනාට ප්රසිද්ධියේ අපහාසයක් වනු ඇත. එමෙන්ම ඔවුන් දෙදෙනාටත් ඔවුන් නොවන සෙසු ජනයාටත් එය වැළැක්වීමක් වනු ඇත
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න