සූරා 24 · ජුස් 18
An-Nur · 24:1
سُورَةٌ أَنْزَلْنَاهَا وَفَرَضْنَاهَا وَأَنْزَلْنَا فِيهَا آيَاتٍ بَيِّنَاتٍ لَعَلَّكُمْ تَذَكَّرُونَ
සූරතයකි. (පරිච්ඡේදයකි.) අපි එය පහළ කළෙමු. තවද අපි එය නියෝගයක් කළෙමු. තවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස අපි එහි පැහැදිලි වදන් පහළ කළෙමු.
තෆ්සීර්
මෙය පරිච්ඡේදයකි. අපි එය පහළ කළෙමු. එහි නීති ක්රියාත්මක කරන මෙන් අපි බලාත්මක කළෙමු. එහි පැහැදිළි වදන් අපි පහළ කළෙමු. එය එහි ඇති නීති පිළිබඳ නුඹලා මෙනෙහි කොට ඒ අනුව ක්රියා කරනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න