සූරා 24 · ජුස් 18
An-Nur · 24:19
إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
නියත වශයෙන්ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්රිය කරන්නන් වනාහි ඔවුනට මෙලොව හා මතු ලොව වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදන්නෙහුය.
තෆ්සීර්
සැබැවින්ම දේව විශ්වාසීන් අතර පිළිකුල් සහගත දෑ ව්යාප්ත කිරීමට - දුරාචාරය පිළිබඳ අවලාද නැගීම ද ඒවායින් එකකි - ප්රිය කරන්නන් වනාහි, ඔවුනට අවලාද නැගීම සඳහා මෙලොවෙහි දඬුවම ක්රියාත්මක කිරීමෙන් ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එමෙන්ම මතුලොවෙහි ද අපාගින්නේ දඬුවමක් ඇත. ඔවුන්ගේ මුසාව පිළිබඳ අල්ලාහ් දනී. තම ගැත්තන්ගේ කටයුතු කවර කරුණක් වෙත යොමු වන්නේ ද ඒ ගැන ද ඔහු දනී. ඔවුන්ගේ යහපත ගැන ද ඔහු දනී. නමුත් නුඹලා ඒ ගැන නොදන්නෙහුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න