සූරා 24 · ජුස් 18
An-Nur · 24:16
وَلَوْلَا إِذْ سَمِعْتُمُوهُ قُلْتُمْ مَا يَكُونُ لَنَا أَنْ نَتَكَلَّمَ بِهَٰذَا سُبْحَانَكَ هَٰذَا بُهْتَانٌ عَظِيمٌ
නුඹලා එයට සවන් දුන් අවස්ථාවේ, ‘මේ ගැන අපි කතා කිරීමට අපට සුදුසු නොවේ. (අල්ලාහ්) ඔබ සුවිශුද්ධය. මෙය අතිමහත් අපවාදයක් යැ’යි නුඹලා පවසන්නට තිබුණා නොවේ ද?
තෆ්සීර්
මෙම බරපතල අවලාදයට නුඹලා සවන් දුන් අවස්ථාවේ, "අපගේ පරමාධිපතියාණන් වන ඔබ උදෙසා මෙම බැරෑරුම් කරුණ පිළිබඳ අප කතා කිරීම අපට නිවැරදි නොවීය. දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවන්හට ඔවුන් නැගූ අවලාදය බරපතල මුසාවකි." යැයි නුඹලා පවසා සිටිය යුතු නොවේ ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න