සූරා 24 · ජුස් 18

An-Nur · 24:15

إِذْ تَلَقَّوْنَهُ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُمْ مَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ وَتَحْسَبُونَهُ هَيِّنًا وَهُوَ عِنْدَ اللَّهِ عَظِيمٌ

නුඹලාගේ දිවවල් වලින් නුඹලා එය දෙඩූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාට කවර දෙයක් පිළිබඳ දැනුම නොමැත්තේ ද එය නුඹලා නුඹලාගේ මුඛවල් වලින් පවසන්නෙහුය. තවද නුඹලා එය සුළු දෙයක් ලෙස සිතන්නෙහුය. නමුත් එය අල්ලාහ් අබියස අති බිහිසුණුය.

තෆ්සීර්

නුඹලා එකිනෙකා ඒ ගැන දන්වමින්, නුඹලාගේ කටින් ඒ ගැන ව්යාජ දෑ එකිනෙකා අතර වචන හුවමාරු කරගත් අවස්ථාව මෙනෙහි කරනු. නමුත් නුඹලාට ඒ ගැන දැනුමක් නොවීය. සැබැවින්ම එය සුළු හා සැහැල්ලු කාර්යයක් බව නුඹලා සිතන්නෙහුය. නමුත් එහි බොරුව හා නිදොස් පුද්ගලයකුට කෙරෙන චෝදනාව ඇති බැවින් අල්ලාහ් අබියස එය බරපතළ කරුණකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න