සූරා 24 · ජුස් 18
An-Nur · 24:14
وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ لَمَسَّكُمْ فِي مَا أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ
මෙලොවෙහි හා මතු ලොවෙහි අල්ලාහ්ගේ අනුග්රහය හා ඔහුගේ කරුණාව නුඹලා වෙත නොවී නම් කවර විෂයක් සම්බන්ධයෙන් නුඹලා කතා කළෙහු ද එහි මහත් වූ දඬුවම නුඹලා ස්පර්ශ කරන්නට තිබුණි.
තෆ්සීර්
නුඹලාට දඬුවම ඉක්මන් නොකර නුඹලා අතරින් පාපක්ෂමාව අයැද සිටින්නන් හට පාපක්ෂමාව පිරිනමන අයුරින් අල්ලාහ් නුඹලා වෙත අනුග්රහය නොදැක්වූයේ නම්, ඔහුගේ කරුණාව නුඹලාට දායාද නොකළේ නම් දේව විශ්වාසීන්ගේ මැණියන් මත ගෙතූ බොරුව හා මුසාව තුළ ඔවුන් නිරත වී සිටි හේතුවෙන් අතිමහත් දඬුවමක් ඔවුනට අත්වන්නට තිබුණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න