සූරා 24 · ජුස් 18

An-Nur · 24:13

لَوْلَا جَاءُوا عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَاءَ ۚ فَإِذْ لَمْ يَأْتُوا بِالشُّهَدَاءِ فَأُولَٰئِكَ عِنْدَ اللَّهِ هُمُ الْكَاذِبُونَ

ඒ වෙත සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුහු ගෙන ආ යුතු නොවේද? එසේ එම සාක්ෂිකරුවන් ඔවුන් නොගෙන ආ විට අල්ලාහ් අබියස ඔවුහුමය මුසාවාදීහූ.

තෆ්සීර්

දේවත්වය විශ්වාස කරන තැනැත්තන්ගේ මෑණියන් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය සම්බන්ධයෙන් බොරු ගෙතූවන් ඔවුන්ගේ එම අපහාස චෝදනාවට ඇය වෙත ආරෝපණය කළ දෑහි නිවැරැදිතාව ඔප්පු කිරීම සඳහා ඒ ගැන සාක්ෂි දරණ සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ගෙන ආ යුතු නොවේ ද? ඒ සඳහා සාක්ෂිකරුවන් සිව් දෙනෙකු ඔවුන් නොගෙනාවේ නම් - ඔවුන් කිසිවිටෙක එසේ ගෙන එන්නේ නැත.- අල්ලාහ්ගේ නීතිය තුළ ඔවුහු මුසාවාදීහු වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න