සූරා 24 · ජුස් 18
An-Nur · 24:11
إِنَّ الَّذِينَ جَاءُوا بِالْإِفْكِ عُصْبَةٌ مِنْكُمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّا لَكُمْ ۖ بَلْ هُوَ خَيْرٌ لَكُمْ ۚ لِكُلِّ امْرِئٍ مِنْهُمْ مَا اكْتَسَبَ مِنَ الْإِثْمِ ۚ وَالَّذِي تَوَلَّىٰ كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِيمٌ
නියත වශයෙන්ම අපවාදය රැගෙන ආවේ නුඹලා අතුරින් වූ පිරිසකි. නුඹලාට එය නපුරක් යැයි නුඹලා නොසිතනු. නැත, එය නුඹලාට යහපතකි. ඔවුන් අතුරින් සෑම කෙනෙකුටම තමන් පාපයෙන් උපයා ගත් දෑ සතුය. ඔවුන් අතුරින් එහි බහුතරයක් පවරා ගත් අයට මහත් වූ වේදනාවක් විය.
තෆ්සීර්
සැබැවින්ම බරපතල චෝදනාව ගෙන ආ අය වනාහි, (එනම් දේව විශ්වාසීන්ගේ මව්තුමිය වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය පිළිබඳ අවලාද පවසා සිටි අය වනාහි,) අහෝ දේව විශ්වාසියනි! ඔවුහු නුඹලාට ආවේනික වූූ පිරිසකි. ඔවුන් කළ අවලාදය නුඹලාට නපුරක් යැයි නොසිතනු. එහි කුසල් හා දේව විශ්වාසීන්ව පරීක්ෂා කිරීම ඇතුළත් ව ඇති බැවින් හා දේව විශ්වාසීන්ගේ මෑණියන් නිරපරාධී බව එයට එකතු වී ඇති බැවින් එය නුඹලාට යහපත් වනු ඇත. ඇයට අවලාද නගමින් ඒ සඳහා හවුල් වූ සෑම කෙනෙකුටම ඔහු බොරුගොතා ඒ ගැන කතා කළ බැවින් එයින් උපයාගත් පාපය සඳහා වූ ප්රතිවිපාකය ඇත. එයින් බරපතල වරද පැටවෙන්නේ එය ආරම්භ කළ තැනැත්තාටය. ඔහුට බරපතල දඬුවමක් ඇත. මින් අදහස් කරනු ලබනුයේ කුහකයින්ගේ නායකයා වූ අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න