සූරා 24 · ජුස් 18

An-Nur · 24:10

وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ تَوَّابٌ حَكِيمٌ

නුඹලා මත අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නොවී නම් (එය කෙතරම් අභාග්‍යයක් ද) තවද නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා ප්‍රඥාවන්තය.

තෆ්සීර්

අහෝ ජනයිනි! නුඹලා මත අල්ලාහ්ගේ භාග්යය හා නුඹලා කෙරෙහි වූ ඔහුගේ කරුණාව නොවී නම් සැබැවින්ම ඔහු නුඹලාගේ පාපකම්වලට දඬුවම ඉක්මන් කරනු ඇත. එමගින් නුඹලා හෑල්ලුවට ලක් කරනු ඇත. සැබැවින්ම ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමුවන්නේ ද සැබැවින්ම ඔහු ඔවුනට අති ක්ෂමාශීලීය. ඔහුගේ සැලසුම් කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න