සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:74
مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
අල්ලාහ් ව ගරු කළ යුතු ප්රමාණයට ඔවුහු ඔහුට ගරු නොකළෝය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත් සර්ව බලධාරීය.
තෆ්සීර්
අල්ලාහ් සමග ඔහුගේ මැවීම් ද සම්බන්ධ කරමින් ඔවුන් නැමදුම් කරන අවස්ථාවේ ඔහුට ගරුබුහුමන් කළ යුතු නිසි අයුරින් ඔවුන් ඔහුට ගරුබුහුමන් කර නැත. සැබැවින්ම අල්ලාහ් බලවත්ය. ඔහුගේ බලය හා ශක්තිය තුළින් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති දෑ ද මැව්වේය. ඔහු ආදේශ කරන්නන්ගේ පිළිම මෙන් නොව කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඒවා කිසිවක් මැවිය නොහැකි ඉතා පහත් දුර්වල දෑ වේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න