සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:73

يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ ۚ إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَنْ يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ ۖ وَإِنْ يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَا يَسْتَنْقِذُوهُ مِنْهُ ۚ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ

අහෝ ජනයිනි, උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ඇරයුම් කරන අය ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නොහැක්කේමය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුහු මුදවා නොගනිති. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය.

තෆ්සීර්

අහෝ මිනිසුනි! උපමාවක් ගෙන හැර දක්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. එමගින් නුඹලා පාඩම් ලබනු. සැබවින්ම අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින පිළිම වනාහි, ඔවුන්ගේ නොහැකියාව හේතුවෙන් මැස්සෙකු මවන්නට ඔවුන් සියලු දෙනා ඒකරාශී වුව ද කිසිවිටෙක එවන්නක් මැවීමට ඔවුනට හැකි වන්නේම නැත. එමෙන්ම මැස්සා ඔවුන් මත වූ යම් පිවිතුරු දෙයක් හෝ ඊට සමාන දෙයක් ඩැහැ ගත් විට උගෙන් එය ආරක්ෂා කිරීමට ඔවුන් ශක්තිය නොදරති. මැස්සා මැවීමට හා ඔවුන්ගෙන් ඩැහැගත් දෑ ආරක්ෂා කිරීමට ඔවුනට නොහැකි වීමෙන් පැහැදිලි වනුයේ ඊටත් වඩා ඉමහත් දෙයක් කිරීමට ඔවුනට නොහැකි බවය. එසේ නොහැකි තත්ත්වයක දී අල්ලාහ් හැර දමා නුඹලා ඒවාට වන්දනාමාන කරනුයේ කෙසේ ද? එසේ පතන්නා දුර්වල විය. එනම් මැස්සා ඩැහැගත් දෑ ආරක්ෂා කිරීමට නොහැකි, නැමදුම් ලබන පිළිමය. එසේම පතනු ලබන්නා ද දුර්වල විය එය මැස්සාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න