සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:72

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ تَعْرِفُ فِي وُجُوهِ الَّذِينَ كَفَرُوا الْمُنْكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِالَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ آيَاتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُمْ بِشَرٍّ مِنْ ذَٰلِكُمُ ۗ النَّارُ وَعَدَهَا اللَّهُ الَّذِينَ كَفَرُوا ۖ وَبِئْسَ الْمَصِيرُ

තවද ඔවුන් වෙත අපගේ වදන් පැහැදිලි ලෙස පාරායනය කර පෙන් වනු ලබන විට ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණුවල පිළිකුල් බව නුඹ දකිනු ඇත. ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන්නන් හට පහර දීමට ඔවුහු තැත් කරති. එහෙයින් නුඹ පවසනු. මීට වඩා නපුරු දෙයක් පිළිබඳ නුඹලාට මම දන්වන්නම්ද? (එය) දේව ප්‍රතික්ෂේපකයින්හට අල්ලාහ් ප්‍රතිඥා කළ (නිරා) ගින්නය. තවද යොමු වන ස්ථානය නපුරු විය.

තෆ්සීර්

අල් කුර්ආනයේ ඇති අපගේ පාඨ ඔවුන් වෙත පැහැදිළිව පාරායනය කරනු ලබන්නේ නම්, අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඒවාට සවන් දෙන අවස්ථාවේ ඔවුන් ඔවුන්ගේ මුහුණු හරවා ගනිමින් එය හෙළා දැකීම නුඹ ඔවුන්ගේ මුහුණුවල දකිනු ඇත. දැඩි කෝපය හේතුවෙන් අපගේ වදන් ඔවුන් වෙත පාරායනය කරන්නන් වර්ජනය කරන්නට බලති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු."නුඹලාගේ කෝපය හා පිළිකුලෙන් නුඹලාගේ මුහුණු හරවා ගැනීමේ විපාකය කුමක්දැයි මම නුඹලාට දැනුම් දෙන්න ද? එනම් දේව ප්රතික්ෂේපකයින් එහි ප්රවේශ වනු ඇතැයි අල්ලාහ් ප්රතිඥා දුන් නිරා ගින්නය. ඔවුන් එසේ යොමු වන ස්ථානය ඉතා නපුරුය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න