සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:71
وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَا لَيْسَ لَهُمْ بِهِ عِلْمٌ ۗ وَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ
තවද අල්ලාහ්ගෙන් තොර කිසිදු බලයක් එයට පහළ නොකළා වූ දෑට හා ඒ ගැන කිසිදු දැනුමක් නොමැති දෑට ඔවුහු ගැතිකම් කරති. තවද අපරාධකරුවන්හට කිසිදු උදව් කරුවකු නොමැත.
තෆ්සීර්
දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා පිළිමවලට වන්දනාමාන කරති. නමුත් ඒවාට වන්දනාමාන කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් ඔහුගේ පුස්තකයේ කිසිදු සාධකයක් පහළ කර නැත. ඒ සඳහා බුද්ධිමය සාධකයක් හෝ ඔවුනට නැත. ඔවුන් බැඳී සිටිනුයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් අන්ධ අනුගමනය කිරීම මතය. අල්ලාහ්ගේ දඬුවම එම අපරාධකරුවන්ට අත් වීමෙන් ඔවුන් වළක්වාලන කිසිදු උදව්කරුවකු ඔවුනට නොමැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න