සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:70

أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاءِ وَالْأَرْضِ ۗ إِنَّ ذَٰلِكَ فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නොදන්නෙහිද? නියත වශයෙන්ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත්) දේව සටහනෙහි විය. නියත වශයෙන්ම අල්ලාහ් වෙත එය පහසු කාර්යයකි.

තෆ්සීර්

අහෝ දූතය! අහස්හි ඇති දෑ ගැන සැබැවින්ම අල්ලාහ් දන්නා බවත් මහපොළොවේ ඇති දෑ ගැන ද අල්ලාහ් දන්නා බවත් නුඹ නොදන්නෙහි ද? ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ පිළිබඳ දැනුම ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ සටහන් කරනු ලැබ ඇත. එමෙන්ම ඒ සියලු දෑ පිළිබඳ දැනුම අල්ලාහ් වෙත පහසු කාර්යයකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න