සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:75

اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

මලක්වරුන් අතුරින් අල්ලාහ් දූතවරුන් තෝරා ගත්තේය. එමෙන්ම ජනයා අතුරින්ද (එසේ) විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක සර්ව නිරීක්ෂකය.

තෆ්සීර්

උත්තරීතර සුවිශුද්ධයාණන් වන අල්ලාහ් මලක්වරුන් හෙවත් සුර දූතයින් අතරින් දූතවරුන් තෝරා ගනී. එමෙන්ම මිනිසුන් අතරින් ද දූතවරුන් තෝරා ගනී. මිනිස් දූතවරුන් වෙත ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා දූතයකු ලෙස එව්වාක් මෙන් ඇතැම් මලක්වරුන් ද නබිවරුන් වෙත දූත පණිවිඩය සමග එව්වේය. එමෙන්ම මිනිස් දූතවරුන්ද ජනයා වෙත දූත පණිවිඩ සමග එව්වේය. දේව ආදේශකයින් ඔහුගේ දූතවරුන් පිළිබඳ පවසන දෑට සැබැවින්ම අල්ලාහ් සවන් දෙන්නාය. ඔහු ඔහුගේ දූතත්වය තෝරා ගන්නන් පිළිබඳ සර්ව නිරීක්ෂකය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න