සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:63

أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَتُصْبِحُ الْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ

නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එවිට මහපොළොව සරුසාරවත් වීම නුඹ නොදුටුවෙහි ද? නියත වශයෙන්ම අල්ලාහ් මෛත්‍රිය. අභිඥානවන්තය.

තෆ්සීර්

අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ් අහසින් වර්ෂාව පහළ කිරීම නුඹ නොදුටුවෙහි ද? මහපොළොව මත වර්ෂාව පහළ වීමෙන් පසු ව එහි හට ගැණෙන සාරවත්භාවය එය ලබා දෙයි. අල්ලාහ් තම ගැත්තන්හට වර්ෂාව පහළ කිරීමෙන් හා ඔවුන් වෙනුවෙන් මහපොළොවේ ගහකොළ හට ගැන්වීමෙන් ඔහු ඔවුනට මෛත්රී කර ඇත. ඔවුන්ගේ යහපත ගැන සැබැවින්ම ඔහු මැනවින් දන්නාය. ඒහෙයින් ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න