සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:62

ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ

එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුම සත්‍යය බැවිනි. තවද ඔහුගෙන් තොර ව ඔවුන් අයදින දෑ නිෂ්ඵල දෑමය. තවද නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය. අති ශ්‍රේෂ්ඨය.

තෆ්සීර්

සඳහන් කරනු ලැබූ පරිදි අල්ලාහ් දහවල තුළ රාත්රිය ද රාත්රිය තුළ දහවල ද ඇතුලත් කරනුයේ සැබැවින්ම අල්ලාහ් සත්යය වන බැවිණි. එසේනම්, ඔහුගේ දහම සත්යයකි. ඔහුගේ ප්රතිඥාව සත්යයකි. දේව විශ්වාසීන් සඳහා ඔහුගේ උපකාරය ද සත්යයකි. අල්ලාහ් හැර දමා දේව ආදේශකයින් නමදිමින් සිටින පිළිම කිසිදු පදනමක් නැති ව්යාජ දෑය. සැබැවින්ම අල්ලාහ් වන ඔහු ඔහුගේ මැවීම් මත පැවැත්මෙන් නියමයෙන් හා බලාධිකාරයෙන් උසස් ය. කීර්තිය උදාරත්වය හා උසස්බව සතු ඔහු අති ශ්රේෂ්ඨය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න