සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:61

ذَٰلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ

එය නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන බැවින්ද දහවල රාත්‍රිය තුළ ඇතුළු කරන බැවින්ද වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය.

තෆ්සීර්

ආක්රමණය කරනු ලබන්නාට එම උපකාරය ලැබෙනුයේ සැබැවින්ම අල්ලාහ් අභිමත කරන දෑ කිරීමට බලය ඇත්තා වන බැවිණි. දහවල තුළ රාත්රිය ඇතුලු කිරීම, රාත්රිය තුළ දහවල ඇතුලු කිරිම ඒ දෙකින් එකක් වැඩියෙන් ද අනෙක අඩුවෙන් ද පිහිටීම යනාදිය ඔහුගේ එම බලයෙන් වූවකි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න