සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:60

۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنْصُرَنَّهُ اللَّهُ ۗ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ

(ඔවුන්ගේ තිළිණය) එයයි. තවද කවරෙකු කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමාන ව ඔහුට දඬුවම් කොට පසු ව ඔහු කෙරෙහි සීමාව ඉක්මවා කටයුතු කළේ ද එවිට අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් නොසලකා හරින අතික්ෂමාශීලීය.

තෆ්සීර්

අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කිරීමෙහි ප්රවේශ වීම, සීමාව ඉක්මවා ගියවුන් සමග ඔවුන් සීමාව ඉක්මවා ගිය තරමට එහි පාපයක් ඇති නොවන පරිදි ආක්රමණය කිරීම යනාදිය මෙහි සඳහන් කරනු ලැබූ දෑය. එහෙයින් ආක්රමණිකයා ඔහුගේ ආක්රමණයෙහි ඉක්මවා ගිය විට එසේ ආක්රමණය කරනු ලබන්නාට සැබැවින්ම අල්ලාහ් උදව් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් දේව විශ්වාසීන්ගේ පාපකම්වලට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි අති ක්ෂමාශීලීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න