සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:58
وَالَّذِينَ هَاجَرُوا فِي سَبِيلِ اللَّهِ ثُمَّ قُتِلُوا أَوْ مَاتُوا لَيَرْزُقَنَّهُمُ اللَّهُ رِزْقًا حَسَنًا ۚ وَإِنَّ اللَّهَ لَهُوَ خَيْرُ الرَّازِقِينَ
තවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගොස් ඝාතනය කරනු ලැබූවන් හෝ මියගියවුන් වනාහි නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට යහපත් පෝෂණයකින් පෝෂණය කරනු ඇත. තවද නියත වශයෙන්ම අල්ලාහ් පෝෂණය කරන්නන් අතුරින් ඉතා ශ්රේෂ්ඨය.
තෆ්සීර්
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා ඔහුගේ දහමට ගරු කොට; තම නිවෙස් හා දේශයන් අතහැර දමා ගොස්; පසු ව ඔහුගේ මාර්ගයේ ජිහාද් හි නිරතව මිය ගොස්; එසේත් නැතිනම් සාමාන්ය ලෙස මියගිය අය වනාහි, ස්වර්ග උයන්හි නිමක් නැති සදා නැවුම් සංග්රහයකින් අල්ලාහ් ඔවුනට පෝෂණය කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් පෝෂණය කරන්නන් අතරින් අති ශ්රේෂ්ඨය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න