සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:56
الْمُلْكُ يَوْمَئِذٍ لِلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّاتِ النَّعِيمِ
එදින සියලු බලය අල්ලාහ් සතුය. ඔවුන් අතර ඔහු තීන්දු දෙයි. එහෙයින් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු සැප පහසුකම් ඇති (ස්වර්ග) උයන්හි වෙති.
තෆ්සීර්
(ඔවුනට ප්රතිඥා දෙනු ලැබු දඬුවම ඔවුන් වෙත පැමිණෙන) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතු වන්නේය. එහි ඔහුට අභියෝග කරන්නෙකු නොසිටියි. සුවිශුද්ධයාණන් වන ඔහු දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් අතර තීන්දු කරයි. ඔවුන් අතරින් සෑම කෙනෙකුටම ඔහුට සුදුසු දෑ අනුව තීන්දු ලබා දෙයි. අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුනට අතිමහත් තිළිණයක් ඇත. එනම් එය නිමක් නැති සදා සුව පහසුකම් සහිත ස්වර්ග උයන් වේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න