සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:55

وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا فِي مِرْيَةٍ مِنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ

ප්‍රතික්ෂේප කළවුන් ක්ෂණික ව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණෙන තෙක් හෝ නිසරු දිනයක දඬුවම ඔවුන් වෙත පැමිණෙන තෙක් හෝ ඒ ගැන සැකයෙන් ඉවත් නොවෙති.

තෆ්සීර්

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ව බොරු කළවුන් වනාහි, අල්ලාහ් නුඹ වෙත පහළ කළ අල් කුර්ආනය ගැන ඔවුහු සැකයෙහි පසුවෙති. ඔවුන් වෙත නොසිතූ අවස්ථාවක අවසන් හෝරාව පැමිණෙන තුරුම හෝ කිසිදු කරුණාවක් හෝ යහපතක් හෝ නොමැති දිනයේ දඬුවම ඔවුන් වෙත පැමිණෙන තුරුම ඔවුන් ඒ මතම සිටිති. ඔවුනට අනුව එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න