සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:54

وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ ۗ وَإِنَّ اللَّهَ لَهَادِ الَّذِينَ آمَنُوا إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

තවද සැබැවින්ම මෙය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය බව ඥානය දෙනු ලැබූවන් දැනගෙන එය විශ්වාස කොට ඔවුන්ගේ හදවත් එයට යටහත් වනු පිණිස. (මෙසේ සිදු කරනු ඇත.) තවද නියත වශයෙන්ම අල්ලාහ් විශ්වාස කළවුනට ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නාය.

තෆ්සීර්

එමෙන් ම අල්ලාහ් දැනුම ලබා දුන් අය සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද අල් කුර්ආනය සත්යය බව දැඩි ලෙස විශ්වාස කරනු පිණිසය. අහෝ දූතය! අල්ලාහ් කවර කරුණක් නුඹ වෙත පහළ කළේ ද එය සත්යය වේ. එවිට ඔවුන්ගේ දේව විශ්වාසය වර්ධනය වනු ඇත. ඔවුන්ගේ හදවත් ඔහුට යටත්ව බියවනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඔහුව විශ්වාස කළවුනට ඔවුන් ඔහුට අවනත වූ බැවින් ඔවුනට ප්රතිඵල වශයෙන් එහි ඇද නැති ඍජු මාර්ගය වෙත ඔහු මඟ පෙන්වන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න