සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:53
لِيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِلَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْقَاسِيَةِ قُلُوبُهُمْ ۗ وَإِنَّ الظَّالِمِينَ لَفِي شِقَاقٍ بَعِيدٍ
තම හදවත් තුළ රෝගී බව ඇති අයට හා තම හදවත් දැඩිවූවන්හට ෂෙයිතාන් හෙළන දෑ පරීක්ෂණයක් බවට ඔහු පත් කරනු පිණිසය. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් අන්ත බෙදීම් තුළ වෙති.
තෆ්සීර්
නබි (ස්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පාරායනයේදී ද ෂෙයිතාන් කරුණු ඉදිරිපත් කළේය. ඔහු ඉදිරිපත් කරන දෑ කුහකයින් හා හදවත් දැඩි වූ දේව ආදේශකයින්හට පරීක්ෂණයක් බවට අල්ලාහ් පත් කළේය. සැබැවින්ම කුහකයින් හා දේව ආදේශකයින් අතරින් අපරාධකරුවන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ සතුරුකම තුළ වෙති. එමෙන්ම සත්යයෙන් හා යහමගින් ඈත අන්තයක වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න