සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:52

وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ وَلَا نَبِيٍّ إِلَّا إِذَا تَمَنَّىٰ أَلْقَى الشَّيْطَانُ فِي أُمْنِيَّتِهِ فَيَنْسَخُ اللَّهُ مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

තමන් පාරායනය කරන විට ෂෙයිතාන් ඔහුගේ මනෝ ආශාවන්හි (වැරදි) හෙළමින් මිස අපි කිසිදු රසූල්වරයකු හෝ නබිවරයකු හෝ නොඑව්වෙමු. එවිට ෂෙයිතාන් හෙළන දෑ අල්ලාහ් නිෂ්ප්‍රභ කරයි. පසු ව අල්ලාහ් ඔහුගේ වදන් තීන්දු කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය මහා ප්‍රඥාවන්තය.

තෆ්සීර්

අහෝ දූතය! නුඹට පෙර අපි එවූ කිසිදු දූතයකු හෝ නබිවරයකු හෝ වේවා, ඔහු අල්ලාහ්ගේ ග්රන්ථය කියවන විට ඔහුගේ එම කියවීම අතරට සැබැවින්ම එය ද දේව පණිවිඩයක් යැයි මිනිසුනට පැටලෙන දෑ ෂෙයිතාන් ඇතුළත් කර සිටියා මිස නැත. ෂෙයිතාන් කවර කරුණක් ඉදිරිපත් කළේ ද අල්ලාහ් එය නිෂ්ඵල කළේය. තම වදන් ස්ථාවර කළේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහුගේ මැවීම, ඔහුගේ නියමය හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න