සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:46

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَٰكِنْ تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

ඔවුහු මහපොළොවේ ගමන් කළ යුතු නොවේ ද? එවිට එමගින් වටහා ගත හැකි අයුරින් සිත් හා එමගින් සවන් දිය හැකි අයුරින් කන්ද ඔවුනට පිහිටනු ඇත. ඇස් අන්ධ නොවෙයි. නමුත් හදවත් තුළ ඇති සිත් අන්ධ වෙයි.

තෆ්සීර්

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් ගෙන ආවේද එය බොරුකළවුන් මහපොළොවේ ගමන් කර නොබැලුවෝ ද? එම විනාශ වූ ගම්මානවල නටබුන් ඔවුන් දෑසින් දැක පාඩම් ලබනු පිණිස ඔවුන්ගේ බුද්ධියෙන් කල්පනා කර නොබලන්නෝ ද? ඔවුන් උපදෙස් ලබනු පිණිස ඔවුන්ගේ කතා වස්තුව පිළිගන්නා අයුරින් ඇහුම්කන් නොදෙන්නෝ ද? සැබැවින්ම සැබෑ අන්ධභාවය යනු ඇස් නොපෙනෙන අන්ධභාවය නොව, විනාශය ගෙන්වා ගන්නා අන්ධභාවයයි. අදාළ පුද්ගලයාට කිසිදු පාඩමක් හෝ උපදෙසක් හෝ නොලැබී යාම පැහැදිළි අන්ධභාවයකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න