සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:47
وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَنْ يُخْلِفَ اللَّهُ وَعْدَهُ ۚ وَإِنَّ يَوْمًا عِنْدَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِمَّا تَعُدُّونَ
තවද ඔවුහු එම දඬුවම ඉක්මන් කරන මෙන් ඔබගෙන් පතති. අල්ලාහ් ඔහුගේ පොරොන්දුව කඩ නොකරන්නේමය. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස එක් දිනයක් නුඹලා ගණනය කරන අවුරුදු දාහකට සමානය.
තෆ්සීර්
අහෝ දූතය! නුඹේ සමූහයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් හට මෙලොව දඬුවම ගැනත් මතුලොව දඬුවම ගැනත් අවවාද කරනු ලැබූ කල්හි ඒ දෙකම ඉක්මන් කරන මෙන් නුඹෙන් ඉල්ලා සිටිති. අල්ලාහ් කවර ප්රතිඥාවක් ඔවුනට දුන්නේ ද ඔහු එය කඩ නොකරන්නේමය. ඔවුන් ඉක්මනින් ඉල්ලා සිටි දෑ බද්ර් යුද දිනයේ ඔවුනට අත් විය. සැබැවින්ම මතුලොවෙහි ද දඬුවමින් යුත් දිනයක් ඇත. එහි පවතින දඬුවම හේතුවෙන් එය නුඹලා මෙලොවෙහි ගණන් බලන වර්ෂ ගණන් මෙන් වර්ෂ දහසක් බඳුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න