සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:41

الَّذِينَ إِنْ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِ ۗ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ

ඔවුහු වනාහි මහපොළොවෙහි අපි ඔවුනට බලය ලබා දුන්නේ නම් ඔවුහු සලාතය විධිමත් ව ඉටු කරති. තවද සකාත් පිරිනමති. තවද යහපත විධානය කොට අයහපතින් වළක්වති. සියලු කරුණු වල අවසානය අල්ලාහ් සතුය.

තෆ්සීර්

උදව් උපකාර ඇතැයි ප්රතිඥා දෙනු ලැබූ ඔවුන්හට, ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඉඩ අවස්ථා ලබා දුන් විට, ඔවුහු සලාතය පූර්ණ වශයෙන් ඉටු කළෝය. ඔවුන්ගේ ධනයෙන් සකාත් පිරිනැමුවෝය. ඔවුනට කවර ආගමික කරුණ නියෝග කරනු ලැබුවේ ද ඒවා නියෝග කර සිටියෝය. කවර කරුණකින් ඔවුන් වළක්වනු ලැබුවේද එයින් ඔවුහු වැළැක්වූවෝය. සියලුම කරුණු ඒ මත පවතින කුසල් හා දඬුවම් විෂයයෙහි අල්ලාහ් වෙත පමණක් හැරී යනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න