සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:40
الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَنْ يَقُولُوا رَبُّنَا اللَّهُ ۗ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا ۗ وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
ඔවුහු අපගේ පරමාධිපති අල්ලාහ් වේ යැයි පැවසීම හේතුවෙන් මිස කිසිදු යුක්තියකින් තොර ව ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන් බැහැර කරනු ලැබූවන් වෙති. ජනයා, ඇතැමෙකු විසින් ඇතැමෙකු ව අල්ලාහ් නොවැළැක්වූයේ නම් ආශ්රම, කිතුනු දේවස්ථාන, යුදෙව් නැමදුම් ස්ථාන හා අල්ලාහ්ගේ නාමය අධික ව එහි මෙනෙහි කරනු ලබන මස්ජිදයන් විනාශ කරනු ලබන්නට තිබුණි. කවරෙකු ඔහුට උදව් කරන්නේ ද නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අතිබලවත්ය, සර්ව බලධාරීය.
තෆ්සීර්
ඔවුහු වනාහි, ඔවුන් සිදු කළ වෙනත් වරදකට නොව, "අපගේ පරමාධිපති අල්ලාහ්ය. ඔහු හැර අපට වෙනත් දෙවියෙකු නැත" යැයි පැවසීමේ එකම හේතුවෙන් මිස, දේව ප්රතික්ෂේපකයින් විසින් අපරාධකාරී ලෙස ඔවුන් ඔවුන්ගේ නිවෙසන්වලින් පිටුවහල් කරනු ලැබූවන් වෙති. නබිවරුන්හටත් දේව විශ්වාසීන්හටත් ඔවුන්ගේ සතුරන්ට එරෙහිව යුද්ධ කිරීම දහම්ගත නොකළේ නම් දෙවියන් නමදින ප්රදේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කරනු ඇත. තාපසාරාමය, කිතුනු දෙවස්ථාන, යුදෙව්වන්ගේ නැමදුම් ස්ථාන හා මුස්ලිම්වරුන් සලාත් ඉටු කිරීම සඳහා සූදානම් කරන ලද, අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරනු ලබන ඔවුන්ගේ දේවස්ථාන විනාශ කරනු ලබනු ඇත. කවරෙකු ඔහුගේ දහමට හා ඔහුගේ නබිවරයාට උදව් කරන්නේ ද සැබැවින්ම ඔහු ඔවුනට උදව් කරනු ඇත. තම දහමට උදව් කරන්නන්හට උදව් කිරීමට අල්ලාහ් බලය ඇත්තාය. කිසිවකු විසින් ඔහුව අබිබවා යා නොහැකි සර්වබලධාරියාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න