සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:39
أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ
සටන් කරන්නන්හට අනුමැතිය දෙන ලදී. හේතුව නියත වශයෙන්ම ඔවුන් අපරාධයට භාජනය කරනු ලැබූ හෙයිනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට උදව් කිරීමට ශක්තිවන්තය.
තෆ්සීර්
දේව ආදේශකයින් දේව විශ්වාසීන් සමග සටන් කරන්නේ නම් ඔවුනට එරෙහි ව සටන් කරන මෙන් දේව විශ්වාසීන්හට අල්ලාහ් අවසර දුන්නේය. එය ඔවුන්ගේ සතුරන්ගේ අපරාධකම් ඔවුන් වෙත ඇති වූ බැවිණි. කිසිදු යුද්ධයක් නොමැතිවම දේව විශ්වාසීන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට උදව් කිරීම සඳහා සැබැවින්ම අල්ලාහ් ශක්තිය ඇත්තාය. නමුත් දේව ආදේශකයින් සමග සටන් කිරීමෙන් දේව විශ්වාසීන් පරීක්ෂාවට ලක් කිරීමට ඔහුගේ ප්රඥාව තීන්දු කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න