සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:37

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ ۗ وَبَشِّرِ الْمُحْسِنِينَ

උන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත නොලැබෙන්නේමය. එනමුත් ඔහු වෙත ලැබෙනුයේ නුඹලා අතුරින් වූ බිය බැතිමත්කමයි. නුඹලාට ඔහු මග පෙන්වූ දෑ වෙනුවෙන් නුඹලා අල්ලාහ් ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු පිණිස අපි උන් වසඟ කර දුන්නෙමු. තවද දැහැමියන්හට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වා සිටිනු.

තෆ්සීර්

අල්ලාහ් වෙත නුඹලා පිළිගන්වන සත්ව කැපයේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ ඔහු වෙත ළඟා වන්නේ නැත. ඔහු වෙත ආරෝහණය වන්නේ ද නැත. නමුත් ඔහු වෙත ආරෝහණය වනුයේ එහිදී නුඹලා තුළ පවතින අල්ලාහ් පිළිබඳ වූ භක්තිමත් භාවයයි. එනම් එය ඔහු වෙත පිළිගැන්වීම වෙනුවෙන් නුඹලා කරන ක්රියාවන් ඔහුට පමණක් අවංක ලෙස පිළිගැන්වීමෙනි. එමෙන්ම සත්ය නුඹලාට ඔහු ආශිර්වාද කිරීම වෙනුවෙන් ඔහුට කෘත ගුණ සලකන්නන් ලෙස ඔහුට අල්ලාහු අක්බර් යැයි තක්බීර් නුඹලා පවසනු පිණිසත් නුඹලාට අල්ලාහ් ඒවා යටහත් කර දී ඇත. අහෝ දූතය! ඔවුන්ගේ පරමාධිපතිට නැමදුම් කිරීමෙහි හා ඔහුගේ මැවීම් සමග කටයුතු කිරීමෙහි දැහැමි ලෙස කටයුතු කරන්නන් හට ඔවුන් සතුටු වන දෑ ගැන දන්වා සිටිනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න