සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:36

وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ ۖ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

තවද ඔටුවන්, අපි එය නුඹලාට අල්ලාහ්ගේ සංඥා අතුරින් පත් කළෙමු. නුඹලාට එහි යහපතක් ඇත. එහෙයින් නුඹලා උන් පෙළගස්වා උන් මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු. උන්ගේ ඇලපත් වැටෙන්නට නියම වූ විට නුඹලා ඉන් අනුභව කරනු. තවද මුදිත වූ අයට හා ඉල්ලා සිටින්නාට ආහාර සපයනු. එලෙස නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස අපි නුඹලාට උන් වසඟ කර දුන්නෙමු.

තෆ්සීර්

නිවස වෙත පුදනු ලබන ඔටුවන් හා ගවයින් වනාහි, අපි ඒවා නුඹලාට දහමේ සංඛේතයන් හා සළකුණු වශයෙන් ඇති කළෙමු. නුඹලාට එහි ආධ්යාත්මික මෙන්ම ලෞකික ප්රයෝජන ඇත. එහෙයින් ඒවා අවතැන් නොවන පරිදි ඒවායෙහි පාදවලින් එකක් ගැට ගසා සිටවමින් ඒවා පෙළට තබනු ලැබුවායින් පසු ඒවා කපන අවස්ථාවේ ‘බිස්මිල්ලාහ්’ යනුවෙන් පවසනු. ඒවා කපා හැරීමෙන් පසු පැත්තට ඇළ වී වැටුණු විට, අහෝ සත්ව කැපය පිරිනැමූවනි! එයින් නුඹලා අනුභව කරනු. ඉල්ලීමෙන් වැළකී සිටින දිළිඳුන්හටත් තමන්ට පිරිනමන මෙන් පෙන්වා දෙන දුප්පතුන්හටත් පිරිනමනු. නුඹලා ඒ මත වාඩි වී ප්රවාහනය කරනු පිණිස නුඹලාට ඒවා අපි වසඟ කර දුන්නාක් මෙන්ම මෙහිදී ද නුඹලාට වසඟ කර දී ඇත්තෙමු. එහෙයින් නුඹලා ඒවා කපා හරින පරිදි ඒවා නුඹලාට යටත් විය. එය අල්ලාහ්වෙනුවෙන් සමීප කරවන්නක් වශයෙනි. නුඹලාට ඒවා යටත් කර දීමේ ආශිර්වාදය සඳහා නුඹලා අල්ලාහ්ට කෘතඥවනු පිණිසය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න