සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:33
لَكُمْ فِيهَا مَنَافِعُ إِلَىٰ أَجَلٍ مُسَمًّى ثُمَّ مَحِلُّهَا إِلَى الْبَيْتِ الْعَتِيقِ
නුඹලාට එහි නියමිත කාලයක් දක්වා ප්රයෝජන ඇත. පසු ව එය ඉපැරණි ගෘහය වෙත රැඳෙන්නක් වේ.
තෆ්සීර්
(හරම්) නිවස අසල නුඹලා කපා හරින සත්ව කැපය තුළ නුඹලාට ප්රයෝජන ඇත. මුරණ්ඩු පාලකයින්ගෙන් අල්ලාහ් නිදහස් කළ නිවසට සමීපයෙන් ඒවා කපා හරිනු ලබන නියමිත වේලාව දක්වාම ඒවා මත නැග ගමන් කිරීම, ලෝම, පැටවුන්, කිරි වැනි විවිධ ප්රයෝජන නුඹලාට ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න