සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:32

ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ

(සත්‍යය) එයයි. තවද කවරෙකු අල්ලාහ්ගේ සංඥා ගරු කරන්නේ ද නියත වශයෙන්ම එය හදවත් තුළ ඇති බිය බැතිමත්කම හේතුවෙනි.

තෆ්සීර්

අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහු වෙනුවෙන් විය යුතු අවංකභාවය, පිළිම වන්දනාවෙන් හා අවලාද නැගීමෙන් වැළකී සිටීම යනාදිය අල්ලාහ් අණ කළ කරුණු වේ. කවරෙකු දහමේ කටයුතුවටල ගරුබුහුමන් කරන්නේ ද - ඒ අතරින් සත්ව කැපය, හජ් හි පිළිවෙත් යනාදිය ඇතුළත් වේ.- සැබැවින්ම එසේ ගරුබුහුමන් කිරීම හදවත් තුළ ඒවායෙහි පරමාධිපති වෙනුවෙන් තිබෙන බැතිමත්භාවය හේතුවෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න