සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:31

حُنَفَاءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ

අල්ලාහ්ට අවංකයින් ලෙසිනි. ඔහුට ආදේශ තබන්නන් ලෙසින් නොව. තවද කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේද ඔහු අහසින් වැටෙන්නෙකු මෙනි. එවිට පක්ෂීන් ඔහු ඩැහැ ගෙන හෝ ඔහු රැගෙන සුළඟ හමා හෝ දූර තැනකට ගෙන යන්නාක් මෙනි.

තෆ්සීර්

නැමදුම් කිරීමෙහි අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, අල්ලාහ් අබියස පිළිගනු ලැබූ ඔහුගේ දහම හැර වෙනත් දහම්වලට නැඹුරුවීමෙන් වැළකෙනු. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටුණු වස්තුවක් මෙනි. එක්කො පක්ෂියා එහි මාංශ හෝ අස්ථි ඩැහැගෙන එසේ නැතහොත් සුළඟ එය රැගෙන දුර ස්ථානයක් වෙත යන්නාක් මෙනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න