සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:30

ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَهُ عِنْدَ رَبِّهِ ۗ وَأُحِلَّتْ لَكُمُ الْأَنْعَامُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْثَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ

(කඃබාව ඉදි කිරීමේ අරමුණ) එය වේ. තවද කවරෙකු අල්ලාහ්ගේ පාරිශුද්ධ දෑට ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපතක් වේ. තවද නුඹලා වෙත පාරායනය කර පෙන්වනු ලබන දෑ හැර ගොවිපළ සතුන් නුඹලාට අනුමත කරන ලදී. තවද පිළිමවල කිලිටෙන් නුඹලා වළකිනු. තවද නුඹලා නොහොබිනා කතාවෙන් වළකිනු.

තෆ්සීර්

නුඹලාට අණ කරනු ලැබූ දෑ එනම්: හිස මුඩු කිරීම හා නියපොතු කැපීම අනුමත වීම, කිලිටි ඉවත් කිරීම, සත්ව කැපය ඉටු කිරීම, දේව නිවස තවාෆ් කිරීම යනාදිය නුඹලා වෙත අල්ලාහ් අනිවාර්යය කළ දෑය. එහෙයින් අල්ලාහ් නුඹලාට අනිවාර්යය කළ දෑට ගරුබුහුමන් කරනු. ඉහ්රාම් තත්ත්වයේ සිටියදී වැළකෙන මෙන් අල්ලාහ් නියෝග කළ දැයින් වැළකී අල්ලාහ්ගේ සීමාවන්ට ගරු කිරීමක් වශයෙන් ඒවාට වැටීමෙන් හා ඔහු තහනම් කළ දැය අනුමත කිරීමෙන් කවරෙකු වැළකී සිටින්නේ ද එය ඔහුට මෙලොව හා මතුලොව ඔහුගේ ශුද්ධවන්ත අල්ලාහ් අබියස උතුම් වන්නේය. අහෝ ජනයිනි! ඔටුවන් ගවයින් හා එළුවන් වැනි ගොවිපළ සතුන් නුඹලාට අනුමත විය. හාමී, බහිරා හා වසීලා යන පිළිම නුඹලා ගරු කිරීමට තබා නැත. අල් කුර්ආනයේ තහනම් කළ මළ දෑ, රුධිරය වැනි තහනම් දෑ හැර ඒවායින් තහනම් කර නැත. එහෙයින් කිලිටි පිළිමවලින් නුඹලා දුරස් වනු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වරූපය වෙත ගොතන ව්යාජ ප්රකාශයෙන් නුඹලා දුරස් වනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න