සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:29
ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ
පසු ව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා! තවද ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා! තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුහු තවාෆ් කරත්වා !
තෆ්සීර්
පසු ව ඔවුන් මත ඉතිරි ව ඇති ඔවුන්ගේ හජ් පිළිවෙත් ඔවුන් ඉටු කරත්වා! ඉහ්රාම් ඇඳගත් හේතුවෙන් ඔවුන්ගේ හිස මුඩු කර ඔවුන්ගේ නියපොතු කපා, බැඳුණු කිලිටි ඉවත් කිරීමෙන් ඉහ්රාමයෙන් ලිහිල් වෙත්වා! ඔවුන් වෙත අනිවාර්යය කරනු ලැබූ හජ්, උම්රා හා සත්ව කැපය ඉටු කරත්වා! දරුණු පාළකයින්ගේ ආධිපත්යයේ ග්රහණයෙන් අල්ලාහ් මුදවාගත් එම නිවසෙහි ‘තවාෆුල් ඉෆාළා’ නම් හජ් වන්දනාවට අදාළ තවාෆය ඉටු කරත්වා!
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න