සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:34
وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ ۗ فَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا ۗ وَبَشِّرِ الْمُخْبِتِينَ
තවද සෑම සමූහයක් සඳහාම ගොවිපළ සතුන් අතුරින් ඔවුනට ඔහු පෝෂණය කළ දෑ මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳුන්ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් පහත්වූවනට (නබිවරය,) නුඹ ශුභාරංචි දන්වනු.
තෆ්සීර්
ඉකුත් වී ගිය සෑම සමූහයකටම අල්ලාහ් වෙනුවෙන් සත්ව කැපයක් පිළිගැන්වීමේ චාරිත්රයක් ඇති කළේය. එය කපා හරින අවස්ථාවේ ඔවුන් අල්ලාහ්ට සමීප වෙමින් ඔහුගේ නාමය මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙනි. එමෙන්ම ඔවුන් වෙත පිරිනැමූ ඔටුවන්, ගවයන් හා එළුවන් වෙනුවෙන් ඔවුන් අල්ලාහ්ට කෘතඥතාව පුද කිරීමක් වශයෙනි. අහෝ ජනයිනි! නුඹලා අතර සැබෑ ලෙස නැමදුමට ලක්වන්නා එකම දෙවියෙකි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. යටහත් වීමෙන් හා කීකරු වීමෙන් අවනත විය යුත්තේ ඔහුට පමණය. අහෝ දූතය! අවංක හා බියෙන් පසුවන අයට ඔවුන් සතුටු වන කරුණක් පිළිබඳ දන්වා සිටිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න