සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:24

وَهُدُوا إِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِ وَهُدُوا إِلَىٰ صِرَاطِ الْحَمِيدِ

තවද ප්‍රකාශයෙන් පිවිතුරු දෑ වෙතට ඔවුහු මග පෙන්වනු ලැබූහ. තවද ප්‍රශංසනීය මාවත වෙත ද ඔවුහු මග පෙන්වනු ලැබූහ.

තෆ්සීර්

මෙලොව ජීවිතයේ දී අල්ලාහ් ඔවුනට ශුද්ධ ප්රකාශ වෙත මඟ පෙන්වීය. එනම්, "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත, "අල්ලාහු අක්බර්" -අල්ලාහ් අති ශ්රේෂ්ඨය, "අල් හම්දු ලිල්ලාහ්" -සියලු පැසසුම් අල්ලාහ්ටය යනාදී ශුද්ධ ප්රකාශ වේ. එමෙන්ම ප්රශංසනීය ඉස්ලාමීය මාවත වෙත ඔහු ඔවුනට මඟ පෙන්වීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න