සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:25

إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاءً الْعَاكِفُ فِيهِ وَالْبَادِ ۚ وَمَنْ يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට ජනයා වෙනුවෙන් එහි රැඳී සිටින්නන්හට හා පිටස්තරයන්හට සමාන ලෙසින් අපි පත් කළ ශුද්ධ වූ මස්ජිදයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නන් ද (එම දඬුවමට භාජනය වනු ඇත.) තවද කවරෙකු සාපරාධී ලෙසින් එහි කෙලසීමට සිතන්නේ ද වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි ඔහුට සලස්වමු.

තෆ්සීර්

සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කොට, ඉස්ලාමය තුළට පිවිසෙන සෙසු ජනයා වෙනතකට යොමු කොට මස්ජිදුල් හරාමයෙන් ජනයා වළක්වන අය වනාහි එම දේව ආදේශකයින් හුදෙයිබියා ගිවිසුම් වසරෙහි ක්රියා කළාක් මෙන් ම අපි ද ඔවුනට වේදනීය දඬුවම මතු පිරිනමන්නෙමු. එම මස්ජිදය අප නියම කර ඇත්තේ ජනයා ඔවුන්ගේ සලාතයේ මුහුණලන දිශාව හා හජ් උම්රා පිළිවෙත් ඉටු කරන නැමදුම් ස්ථාන ලෙසය. එහිදී එහි පදිංචිව සිටින මක්කාවාසීන් ද මක්කා වාසීන් නොවන පිටස්තරයන් ද සමානය. එහෙයින් උවමනාවෙන්ම පාපයක් සිදු කිරීමෙන් සත්යයෙන් නැඹුරු වන්නට කවරෙකු සිතන්නේ ද සැබැවින්ම අපි ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න