සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:23

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ

ඊට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට, විශ්වාස කොට යහකම් කළවුන් නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. එහි රනින් වූ වළලු ද මුතු ද ඔවුනට පලඳවනු ලැබේ. එහි ඔවුන්ගේ ඇඟලුම් සේදය.

තෆ්සීර්

දේව විශ්වාසී පිරිස වනාහි, ඔවුහු අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වෙති. ඒවායෙහි මාලිගා හා ගස්වලට යටින් ගලා බස්නා දිය දහරාවලින් සපිරුණු ස්වර්ග උයන්වලට අල්ලාහ් ඔවුන් ඇතුළත් කරනු ඇත. රන් වළලු ඔවුනට පළන්දවනු ලැබ ඔවුන් අලංකාරවත් කරනු ඇත. එමෙන්ම මුතුවලින් වූ ආභරණවලින් ඔවුන්ව අලංකාරවත් කරනු ඇත. ඔවුනට ඇඳුම් ඇත. ඒවා ද සේද රෙදිවලින් යුක්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න