සූරා 22 · ජුස් 17

Al-Hajj · 22:2

يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَىٰ وَمَا هُمْ بِسُكَارَىٰ وَلَٰكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ

නුඹලා එය දකින දින, කිරි දෙන සෑම මවක්ම තමන් කිරි දෙන අයගෙන් (තම අවධානය) වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ් ගත් සෑම කතක්ම ඇයගේ ගැබ්බර (බිම) හෙළයි. තවද නුඹ ජනයා මත් බවින් සිටිනු දකියි. නමුත් ඔවුන් මත් බවින් නොවෙති. එනමුත් අල්ලාහ්ගේ දඬුවම ඉතා දැඩිය.

තෆ්සීර්

නුඹලා එය දෑසින් දකින දින, කිරි දෙන සෑම මවක්ම ඇයගේ කිරි දරුවා ගැන අවදානය යොමු නොකරයි. දැඩි බිය හේතුවෙන් කුසේ දරාගෙන සිටින ගැබිනි මව්වරුන් ඒවා වැටෙන්නට සලස්වයි. නතර වී සිටින ස්ථානයේ භයානක කම හේතුවෙන් මත්වූවන් මෙන් ජනයාගේ සිහි බුද්ධිය විකල්වී තිබෙනු නුඹ දකිනු ඇත. ඔවුහු මත්පැන් පානය කිරීමෙන් මත් බවට පත් නොවූහ. නමුත් අල්ලාහ්ගේ දැඩි දඬුවම හේතුවෙන් ඔවුනට එසේ සිදු විය. සැබැවින්ම ඔහු ඔවුන්ගේ බුද්ධිය නැතිකර දමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න