සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:3
وَمِنَ النَّاسِ مَنْ يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَرِيدٍ
තවද කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් සම්බන්ධයෙන් තර්ක කරන්නාද ජනයා අතුරින් වෙති. අකීකරු සෑම ෂෙයිතානුවෙක්ම ඔහු අනුගමනය කරයි.
තෆ්සීර්
මිය ගියවුන් යළි අවදි කිරීමේ අල්ලාහ්ගේ බලය පිළිබඳ කිසිදු දැනුමකින් තොර ව තර්ක කරන අය මිනිසුන් අතර සිටිති. ඔහුගේ ප්රතිපත්තියේ හා ඔහුගේ ප්රකාශයේ ඔහුගේ පරමාධිපතිට අකීකරු වූ ෂෙයිතානුන් හා නොමග ගිය නායකයින්ව ඔවුහු අනුගමනය කරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න