සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:1
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අවසන් හෝරාවේ කම්පනය අතිමහත් කරුණකි.
තෆ්සීර්
අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලාට අණ කළ දෑ පිළිපදිමින් හා නුඹලාට තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය හා බැඳුණු මහපොළොව කම්පනය වීම හා වෙනත් අර්බුද බරපතල කරුණක් වේ. අල්ලාහ් තෘප්තියට පත්වන දෑ සිදු කරමින් ඒ සඳහා සූදානම් වීම අනිවාර්යය වන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න