Al-Anbiya

سورة الأنبياء

සූරා 21 · මක්කා · 112 පද

21:1ජුස් 17 · පි. 322

اقْتَرَبَ لِلنَّاسِ حِسَابُهُمْ وَهُمْ فِي غَفْلَةٍ مُعْرِضُونَ1

ජනයාට, ඔවුන් අනවධානයෙහි පිටුදකින්නන් ලෙස සිටිය දී ඔවුන්ගේ විනිශ්චය සමීප විය.
21:2ජුස් 17 · පි. 322

مَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنْ رَبِّهِمْ مُحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ2

ඔවුන් වෙත ඔවුන්ගේ පරමාධිපතිගෙන් කිසිදු නව උපදෙසක් පැමිණි සෑම විටෙකම ඔවුන් එය හාස්‍යයට ලක් කරමින් සවන් දුන්නා මිස නැත.
21:3ජුස් 17 · පි. 322

لَاهِيَةً قُلُوبُهُمْ ۗ وَأَسَرُّوا النَّجْوَى الَّذِينَ ظَلَمُوا هَلْ هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ ۖ أَفَتَأْتُونَ السِّحْرَ وَأَنْتُمْ تُبْصِرُونَ3

ඔවුන්ගේ හදවත් අනවධානයෙන් පවතී. තවද මොහු නුඹලා මෙන් මිනිසෙකු මිස වෙන කවුරුද? නුඹලා දැක දැකම හූනියම වෙතට යන්නෙහුදැ?යි අපරාධ කළවුන් රහස් සාකච්ඡාවන් රහසින් කතා කළෝය.
21:4ජුස් 17 · පි. 322

قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالْأَرْضِ ۖ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ4

මාගේ පරමාධිපති අහස්හි හා මහපොළොවෙහි (සිදු වන) ප්‍රකාශයන් දනී. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය යැයි ඔහු පැවසුවේය.
21:5ජුස් 17 · පි. 322

بَلْ قَالُوا أَضْغَاثُ أَحْلَامٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الْأَوَّلُونَ5

නැත. (එය) සිහින වල ව්‍යාකූලත්වයකි. එසේ නොව ඔහු එය ගෙතුවේය. නැත. ඔහු කවියෙකි. මුතුන්මිත්තන්ට එවනු ලැබුවාක් මෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන එත්වා යැයි ඔවුහු පැවසූහ.
21:6ජුස් 17 · පි. 322

مَا آمَنَتْ قَبْلَهُمْ مِنْ قَرْيَةٍ أَهْلَكْنَاهَا ۖ أَفَهُمْ يُؤْمِنُونَ6

ඔවුනට පෙර අපි විනාශ කළ කිසිදු ගම්මානයක් විශ්වාස නොකළේය. එසේ නම් ඔවුහු විශ්වාස කරනු ඇත් ද?
21:7ජුස් 17 · පි. 322

وَمَا أَرْسَلْنَا قَبْلَكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ ۖ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ7

නුඹට පෙර අපි දූතයින් ලෙස එව්වේ පිරිමින් මිස නැත. අපි ඔවුනට දේව පණිවිඩ ලබා දුනිමු. එහෙයින් නුඹලා නොදැන සිටින්නේ නම් දැනුම ඇත්තන්ගෙන් නුඹලා විමසනු.
21:8ජුස් 17 · පි. 322

وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَ8

තවද ආහාර අනුභව නොකරන ශරීරයක් බවට අපි ඔවුන් පත් නොකළෙමු. තවද ඔවුහු සදාතනිකයින් නොවූහ.
21:9ජුස් 17 · පි. 322

ثُمَّ صَدَقْنَاهُمُ الْوَعْدَ فَأَنْجَيْنَاهُمْ وَمَنْ نَشَاءُ وَأَهْلَكْنَا الْمُسْرِفِينَ9

පසු ව එම ප්‍රතිඥාව ඔවුනට අපි සැබෑ කළෙමු. එවිට අපි ඔවුන් හා අප අභිමත කරන්නා වූ අය මුදවා ගත්තෙමු. තවද සීමාව ඉක්මවා ගියවුන් අපි විනාශ කළෙමු.
21:10ජුස් 17 · පි. 322

لَقَدْ أَنْزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ ۖ أَفَلَا تَعْقِلُونَ10

එහි නුඹලා ගැන සඳහනක් ඇති දේව ග්‍රන්ථයක් නුඹලා වෙත සැබැවින්ම අපි පහළ කළෙමු. නුඹලා වටහා ගත යුතු නොවේද?
21:11ජුස් 17 · පි. 323

وَكَمْ قَصَمْنَا مِنْ قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنْشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ11

තවද අපරාධකාරී වූ ගම්මාන කොපමණක් අපි සුනු විසුනු කළෙමු ද?. තවද එයට පසු ව අපි වෙනත් පිරිසක් බිහි කළෙමු.
21:12ජුස් 17 · පි. 323

فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُمْ مِنْهَا يَرْكُضُونَ12

ඔවුනට අපගේ දඬුවම හැඟී ගිය කල්හි ඔවුන් එයින් පලා යති.
21:13ජුස් 17 · පි. 323

لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَىٰ مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ13

නුඹලා පලා නොයනු. එහි නුඹලා භුක්ති විඳිනු ලැබුවා වූ දෑ වෙත ද නුඹලාගේ වාසස්ථාන වෙත ද නුඹලා නැවත හැරී යනු. නුඹලා ප්‍රශ්න කරනු ලැබිය හැකි වනු පිණිස.
21:14ජුස් 17 · පි. 323

قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ14

අහෝ අපගේ විනාශය, නියත වශයෙන්ම අපි අපරාධකාරයින් ලෙස සිටියෙමු යැයි ඔවුහු පැවසූහ.
21:15ජුස් 17 · පි. 323

فَمَا زَالَتْ تِلْكَ دَعْوَاهُمْ حَتَّىٰ جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ15

අපි ඔවුන් නෙළන ලද ඉපැනැලි බවට පත් කරන තෙක් ඔවුන්ගේ එම වැලපීම ඉවත් නොවීය.
21:16ජුස් 17 · පි. 323

وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ16

තවද අහස් හා මහපොළොවද ඒ දෙක අතර ඇති දෑ ද කෙළි ලොල් කරන්නක් වශයෙන් අපි නොමැව්වෙමු.
21:17ජුස් 17 · පි. 323

لَوْ أَرَدْنَا أَنْ نَتَّخِذَ لَهْوًا لَاتَّخَذْنَاهُ مِنْ لَدُنَّا إِنْ كُنَّا فَاعِلِينَ17

අපි හාස්‍යයට ගන්නට සිතුවේ නම්, එසේ අපි සිදු කරන්නන් ලෙස සිටියෙමු නම් අප විසින්ම එය ගන්නට තිබුණි.
21:18ජුස් 17 · පි. 323

بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ18

නමුත් අපි සත්‍යය ගෙන අසත්‍යයට එරෙහි ව පහර දෙන්නෙමු. එය එවිට එය(අසත්‍යය) පහ කර දමයි. එවිට එය විනාශ වී යන්නකි. තවද නුඹලා (අල්ලාහ්ට දරුවෙකු හෝ බිරියකු ඇතැයි) වර්ණනා කරන දෑ හේතුවෙන් නුඹලාට (වයිල් නම්) විනාශය ඇත.
21:19ජුස් 17 · පි. 323

وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَنْ عِنْدَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ19

අහස්හි හා මහපොළොවෙහි සිටින්නන් ද ඔහු අබියස සිටින්නන් ද (මලක්වරුන්) ඔහු සතුය. ඔහුට ගැතිකම් කිරීම සම්බන්ධයෙන් ඔවුහු උඩඟු නොවෙති. තවද ඔවුහු විඩාවට පත් නොවෙති.
21:20ජුස් 17 · පි. 323

يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ20

රාත්‍රි හා දහවල් කාලයේ ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙනතකට යොමු නොවෙති.
21:21ජුස් 17 · පි. 323

أَمِ اتَّخَذُوا آلِهَةً مِنَ الْأَرْضِ هُمْ يُنْشِرُونَ21

එසේ නැතහොත් මළවුන් අවදි කළ හැකි දෙවිවරුන් ඔවුහු මහපොළොවෙන් (තෝරා) ගත්තෝ ද?
21:22ජුස් 17 · පි. 323

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ22

ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු තිබේ නම් ඒ දෙකම අර්බුදයට පත්වනු ඇත. එහෙයින් ඔවුන් වර්ණනා කරන දැයින් (අර්ෂ් හෙවත්) සැබෑ රාජධානියේ හිමිපාණන් වූ අල්ලාහ් සුවිශුද්ධය.
21:23ජුස් 17 · පි. 323

لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ23

ඔහු කරන දෑ පිළිබඳ ව විමසනු නොලබයි. නමුත් විමසනු ලබනුයේ ඔවුහුමය.
21:24ජුස් 17 · පි. 323

أَمِ اتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً ۖ قُلْ هَاتُوا بُرْهَانَكُمْ ۖ هَٰذَا ذِكْرُ مَنْ مَعِيَ وَذِكْرُ مَنْ قَبْلِي ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ ۖ فَهُمْ مُعْرِضُونَ24

එසේ නැතහොත් ඔහුගෙන් තොර ව දෙවිවරුන් ඔවුහු ගත්තෝ ද? නුඹලාගේ සාධක ගෙන එනු. මෙය මා සමග වූවන්ගේ මෙනෙහි කිරීමකි. එමෙන්ම මට පෙර සිටියවුන්ගේ ද මෙනෙහි කිරීමකි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය නොදනිති. එහෙයින් ඔවුහු පිටුපාන්නන් වෙති.
21:25ජුස් 17 · පි. 324

وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدُونِ25

‘නියත වශයෙන්ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මට ගැතිකම් කරනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු.
21:26ජුස් 17 · පි. 324

وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا ۗ سُبْحَانَهُ ۚ بَلْ عِبَادٌ مُكْرَمُونَ26

තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු සුවිශුද්ධය. නමුත් (මලක්වරුන් වන) ඔවුහු ගරුත්වයට පත් කරනු ලැබූ ගැත්තෝ වෙති.
21:27ජුස් 17 · පි. 324

لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُمْ بِأَمْرِهِ يَعْمَلُونَ27

ඔවුහු ප්‍රකාශයෙන් ඔහු ව අබිබවා නොයති. තවද ඔවුහු ඔහුගේ අණ ක්‍රියාත්මක කරති.
21:28ජුස් 17 · පි. 324

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَىٰ وَهُمْ مِنْ خَشْيَتِهِ مُشْفِقُونَ28

ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. ඔහුගේ තෘප්තියට පත් වූ අය වෙනුවෙන් මිස ඔවුහු මැදිහත් නොවෙති. තවද ඔවුහු ඔහු ගැන ඇති බිය හේතුවෙන් තැති ගන්නන් වෙති.
21:29ජුස් 17 · පි. 324

۞ وَمَنْ يَقُلْ مِنْهُمْ إِنِّي إِلَٰهٌ مِنْ دُونِهِ فَذَٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ29

ඔහු නොව සැබැවින්ම මමය දෙවියා යැයි ඔවුන් අතුරින් කවරෙකු පවසන්නේ ද ඔහුට නිරය ප්‍රතිවිපාකයක් ලෙස අපි දෙන්නෙමු. එලෙසය අපි අපරාධකරුවන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
21:30ජුස් 17 · පි. 324

أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا ۖ وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ30

නියත වශයෙන්ම අහස් හා පොළොව එකට තිබුනි. පසු ව අපි ඒ දෙක වෙන් කළ බවත් තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?
21:31ජුස් 17 · පි. 324

وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ31

එය ඔවුන් නොසොල්වන අයුරින් කඳු මුදුන් මහපොළොවේ අපි ඇති කළෙමු. තවද ඔවුන් මග ලැබිය හැකි වනු පිණිස එහි මිටියාවත් හා මාර්ග ද ඇති කළෙමු.
21:32ජුස් 17 · පි. 324

وَجَعَلْنَا السَّمَاءَ سَقْفًا مَحْفُوظًا ۖ وَهُمْ عَنْ آيَاتِهَا مُعْرِضُونَ32

තවද අහස සුරක්ෂිත වියනක් බවට අපි පත් කළෙමු. නමුත් ඔවුහු එම සංඥාවන් පිටුපාන්නන් වෙති.
21:33ජුස් 17 · පි. 324

وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ33

රාත්‍රිය, දහවල, හිරු හා සඳු මැව්වේ ඔහුය. (ඒ) සියල්ල එක කක්ෂයක පා වෙති.
21:34ජුස් 17 · පි. 324

وَمَا جَعَلْنَا لِبَشَرٍ مِنْ قَبْلِكَ الْخُلْدَ ۖ أَفَإِنْ مِتَّ فَهُمُ الْخَالِدُونَ34

නුඹට පෙර කිසිදු මිනිසෙකුට සදාකල් ජීවිතයක් අපි ඇති නොකළෙමු. එහෙයින් නුඹ මිය ගියේ නම් එවිට ඔවුහු සදාතනිකයෝ වෙත්ද?
21:35ජුස් 17 · පි. 324

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً ۖ وَإِلَيْنَا تُرْجَعُونَ35

සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳවන්නකි. තවද අපි නපුරෙන් හා යහපතින් පරීක්ෂණයක් ලෙසින් අපි නුඹලා පිරික්සන්නෙමු. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
21:36ජුස් 17 · පි. 325

وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِنْ يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُمْ بِذِكْرِ الرَّحْمَٰنِ هُمْ كَافِرُونَ36

ප්‍රතික්ෂේප කළවුන් නුඹ ව දුටු විට නුඹලාගේ දෙවිවරුන් ගැන මෙනෙහි කරනුයේ මොහු දැයි පවසමින් නුඹ ව සරදමක් ලෙස මිස ඔවුහු නොගනු ඇත. තවද ඔවුහු මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීමට ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.
21:37ජුස් 17 · පි. 325

خُلِقَ الْإِنْسَانُ مِنْ عَجَلٍ ۚ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونِ37

මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබීය. මාගේ සංඥාවන් මම නුඹලාට මතු පෙන්වමි. එහෙයින් නුඹලා මගෙන් (ඒවා) ඉක්මණින් නොපතනු.
21:38ජුස් 17 · පි. 325

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ38

නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදා දැයි ඔවුහු විමසති.
21:39ජුස් 17 · පි. 325

لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَنْ وُجُوهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُورِهِمْ وَلَا هُمْ يُنْصَرُونَ39

ප්‍රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ කොඳු (නිරා) ගින්නෙන් ඔවුනට වළකාගත නොහැකි එමෙන්ම ඔවුනට උදව් කරනු නොලබන අවස්ථාව ගැන දැන සිටියා නම්!
21:40ජුස් 17 · පි. 325

بَلْ تَأْتِيهِمْ بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنْظَرُونَ40

නමුත් ඔවුන් වෙත හදිසියේම එය පැමිණෙයි. එවිට එය ඔවුන් කම්පනයට පත් කරයි. එවිට එයට ප්‍රතිචාර දැක්වීමට ඔවුහු හැකියාව නොදරති. එමෙන්ම ඔවුනට අවකාශද දෙනු නොලබති.
21:41ජුස් 17 · පි. 325

وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ41

තවද නුඹට පෙර ධර්ම දූතයින් සමච්චලයට ලක් කරනු ලැබීය. එහෙයින් කවර දෙයක් පිළිබඳ ව ඔවුන් සමච්චල් කරමින් සිටියේ ද එය, ඔවුන් අතුරින් සරදම් කළවුන් වටලා ගත්තේය.
21:42ජුස් 17 · පි. 325

قُلْ مَنْ يَكْلَؤُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَٰنِ ۗ بَلْ هُمْ عَنْ ذِكْرِ رَبِّهِمْ مُعْرِضُونَ42

මහා කරුණාන්විතයාණන්ගෙන් රාත්‍රියෙහි හා දහවලෙහි නුඹලා ව ආරක්ෂා කරන්නේ කවරහුදැයි නුඹ විමසනු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මෙනෙහි කිරීමෙන් පිටු දකින්නන් වෙති.
21:43ජුස් 17 · පි. 325

أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُمْ مِنْ دُونِنَا ۚ لَا يَسْتَطِيعُونَ نَصْرَ أَنْفُسِهِمْ وَلَا هُمْ مِنَّا يُصْحَبُونَ43

එසේ නැතහොත්, අපගෙන් තොරව ඔවුන් වළක්වාලන දෙවිවරුන් ඔවුනට වෙත්ද? තමන්ටම උපකාර කිරීමට පවා ඔවුහු හැකියාව නොදරති. තවද ඔවුහු අපගෙන් මිතු දහමක් පෙන්වනු නොලබති.
21:44ජුස් 17 · පි. 325

بَلْ مَتَّعْنَا هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ طَالَ عَلَيْهِمُ الْعُمُرُ ۗ أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِي الْأَرْضَ نَنْقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ أَفَهُمُ الْغَالِبُونَ44

එසේ නොව, මොවුනට හා මොවුන්ගේ මුතුන් මිත්තන් හට දිගු ආයුෂ කාලයක් ගත වන තෙක් අපි භුක්ති විඳීමට සලස්වන්නෙමු. අපි මහපොළොව එහි පැතිකඩ වලින් අඩු කරමින් එන බව ඔවුහු නොදුටුවෝද? එහෙයින් ඔවුන් (අප) අභිබවා යන්නන් වෙත්ද?
21:45ජුස් 17 · පි. 326

قُلْ إِنَّمَا أُنْذِرُكُمْ بِالْوَحْيِ ۚ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاءَ إِذَا مَا يُنْذَرُونَ45

සැබැවින්ම මම නුඹලාට අවවාද කරනුයේ දේව පණිවිඩය මගිනි. නමුත් ඔවුනට අවවාද කරනු ලබන විට එම අයැදුමට බිහිරන් සවන් නොදෙති.
21:46ජුස් 17 · පි. 326

وَلَئِنْ مَسَّتْهُمْ نَفْحَةٌ مِنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ46

නුඹගේ පරමාධිපතිගේ දඬුවමින් කොටසක් ඔවුනට ස්පර්ශ වූයේ නම්, අහෝ අපගේ විනාශය! නියත වශයෙන්ම අපි අපරාධකරුවන් ලෙස සිටියෙමු යැයි ඔවුහු පවසනු ඇත.
21:47ජුස් 17 · පි. 326

وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا ۖ وَإِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَاسِبِينَ47

තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සඳහා සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලැබේ. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුවද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්‍රමාණවත් වේ.
21:48ජුස් 17 · පි. 326

وَلَقَدْ آتَيْنَا مُوسَىٰ وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاءً وَذِكْرًا لِلْمُتَّقِينَ48

(සත්‍යය හා අසත්‍යය වෙන් කර දක්වන) මිණුම් දණ්ඩය ද ආලෝකය ද බිය බැතිමතුන්හට වූ උපදෙස් ද අපි මූසාට හා හාරූන්ට පිරිනැමුවෙමු.
21:49ජුස් 17 · පි. 326

الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ وَهُمْ مِنَ السَّاعَةِ مُشْفِقُونَ49

ඔවුහු වනාහි ගුප්ත ව සිටිය දී ඔවුන්ගේ පරමාධිපතිට බිය වෙති. තවද අවසන් හෝරාව පිළිබඳ බියෙන් පසුවන්නන් වෙති.
21:50ජුස් 17 · පි. 326

وَهَٰذَا ذِكْرٌ مُبَارَكٌ أَنْزَلْنَاهُ ۚ أَفَأَنْتُمْ لَهُ مُنْكِرُونَ50

තවද මෙය අපි පහළ කළා වූ සමෘද්ධිමත් උපදෙසකි. එහෙයින් නුඹලා එය පිටුදකින්නන් වෙත්ද?
21:51ජුස් 17 · පි. 326

۞ وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِنْ قَبْلُ وَكُنَّا بِهِ عَالِمِينَ51

මීට පෙර (වැඩිහිටිභාවයට පත්වීමට පෙරම) ඉබ්‍රාහීම්ට ඔහුගේ යහ මග අපි පිරිනැමුවෙමු. ඒ පිළිබඳ ව අපි දැන සිටින්නන් වූයෙමු.
21:52ජුස් 17 · පි. 326

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَٰذِهِ التَّمَاثِيلُ الَّتِي أَنْتُمْ لَهَا عَاكِفُونَ52

‘නුඹලා මෙහි (ඇලුම් කරමින්) රැඳී සිටින මෙම ප්‍රතිමාවන් කුමක්දැ?යි ඔහුගේ පියාණන්ගෙන් හා ඔහුගේ ජනයාගෙන් ඔහු විමසූ අවස්ථාව සිහිපත් කරනු.
21:53ජුස් 17 · පි. 326

قَالُوا وَجَدْنَا آبَاءَنَا لَهَا عَابِدِينَ53

අපගේ මුතුන්මිත්තන් ඒවාට ගැතිකම් කරන්නන් ලෙසින් සිටිනු අපි දුටුවෙමු යැයි ඔවුහු පැවසූහ.
21:54ජුස් 17 · පි. 326

قَالَ لَقَدْ كُنْتُمْ أَنْتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُبِينٍ54

නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් පැහැදිලි මුළාවෙහි සැබැවින්ම සිටියෙහු යැයි ඔහු පැවසුවේය.
21:55ජුස් 17 · පි. 326

قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنْتَ مِنَ اللَّاعِبِينَ55

නුඹ අප වෙත සත්‍යය ගෙන ආවෙහිද? එසේ නැතහොත් නුඹ කෙළිලොල් කරන්නන් අතුරින් කෙනෙකුදැ?යි ඔවුහු විමසූහ.
21:56ජුස් 17 · පි. 326

قَالَ بَلْ رَبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَىٰ ذَٰلِكُمْ مِنَ الشَّاهِدِينَ56

එසේ නොව, නුඹලාගේ පරමාධිපති අහස් හා මහපොළොවෙහි හිමිපාණන් වේ. ඔහු වනාහි ඒවා මැව්වේය. ඒ සඳහා මම සාක්ෂිකරුවන් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය.
21:57ජුස් 17 · පි. 326

وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُمْ بَعْدَ أَنْ تُوَلُّوا مُدْبِرِينَ57

තවද අල්ලාහ් මත දිවුරමින්. නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිම වලට මම සැලැස්මක් යොදමි.
21:58ජුස් 17 · පි. 327

فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ58

පසු ව ඔවුන් ඒ වෙත නැවත හැරී ආ හැකි පිණිස විශාල (ප්‍රතිමාව) හැර (සෙසු) ඒවා ඔහු කැබලි වලට පත් කළේය.
21:59ජුස් 17 · පි. 327

قَالُوا مَنْ فَعَلَ هَٰذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ59

කවරෙකු අපගේ දෙවිවරුන්ට මෙය සිදු කළේද නියත වශයෙන්ම ඔහු අපරාධකරුවන් අතුරිනි යැයි ඔවුහු පැවසූහ.
21:60ජුස් 17 · පි. 327

قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ60

ඔවුන්(පිළිම) ගැන සඳහන් කරන තරුණයෙක් පිළිබඳ ව අපි අසා ඇත්තෙමු. ඔහුට ඉබ්‍රාහීම් යැයි කියනු ලැබේ යැයි ඔවුහු පැවසූහ.
21:61ජුස් 17 · පි. 327

قَالُوا فَأْتُوا بِهِ عَلَىٰ أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ61

එසේ නම් ජනයාගේ දෑස් ඉදිරිපිටට ඔවුන් දැකිය හැකි වනු පිණිස නුඹලා ඔහු ගෙන එනු යැයි ඔවුහු පැවසූහ.
21:62ජුස් 17 · පි. 327

قَالُوا أَأَنْتَ فَعَلْتَ هَٰذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ62

අහෝ ඉබ්‍රාහීම්! අපගේ දෙවිවරුන්ට මේ දේ සිදු කළේ නුඹදැයි ඔවුහු විමසූහ.
21:63ජුස් 17 · පි. 327

قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَٰذَا فَاسْأَلُوهُمْ إِنْ كَانُوا يَنْطِقُونَ63

නැත. මෙය සිදු කළේ ඔවුන්ගෙන් මේ ලොකු ප්‍රතිමාවයි. එහෙයින් ඔවුන් කතා කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔවුන්ගෙන් විමසනු යැයි ඔහු පැවසුවේය.
21:64ජුස් 17 · පි. 327

فَرَجَعُوا إِلَىٰ أَنْفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنْتُمُ الظَّالِمُونَ64

එවිට ඔවුහු ඔවුන් වෙතට හැරී නියත වශයෙන්ම අපරාධකරුවෝ නුඹලාමය යැයි පැවසුවෝය.
21:65ජුස් 17 · පි. 327

ثُمَّ نُكِسُوا عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰؤُلَاءِ يَنْطِقُونَ65

පසු ව ඔවුන්ගේ හිස් මතට ඔවුන් නැමෙන්නට සලස්වන ලදී. සැබැවින්ම මොවුහු කතා නොකරන බව නුඹ දන්නෙහිය.
21:66ජුස් 17 · පි. 327

قَالَ أَفَتَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ66

අල්ලාහ්ගෙන් තොර ව නුඹලාට කිසිදු ඵලක් නොදෙන එමෙන්ම නුඹලාට කිසිදු හානියක් නොකරන දෑට ද නුඹලා ගැතිකම් කරනුයේ? යැයි ඔහු පැවසුවේය.
21:67ජුස් 17 · පි. 327

أُفٍّ لَكُمْ وَلِمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ67

නුඹලාට හා අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ගැතිකම් කරන දෑට විනාශයම වේවා! නුඹලා වටහාගත යුතු නොවේද?
21:68ජුස් 17 · පි. 327

قَالُوا حَرِّقُوهُ وَانْصُرُوا آلِهَتَكُمْ إِنْ كُنْتُمْ فَاعِلِينَ68

නුඹලා (යමක්) සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔහු ව පුලුස්සා දමනු. නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනු යනුවෙන් ඔවුන් පැවසූහ.
21:69ජුස් 17 · පි. 327

قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَىٰ إِبْرَاهِيمَ69

අහෝ ගින්න! නුඹ ඉබ්‍රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් වනු.
21:70ජුස් 17 · පි. 327

وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ70

තවද ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට සිතූහ. නමුත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු.
21:71ජුස් 17 · පි. 327

وَنَجَّيْنَاهُ وَلُوطًا إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَ71

තවද ලෝවැසියන්හට එහි සමෘද්ධිය ඇති කළා වූ භූමියකට අපි ඔහු හා ලූත් මුදවා හැරියෙමු.
21:72ජුස් 17 · පි. 327

وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ نَافِلَةً ۖ وَكُلًّا جَعَلْنَا صَالِحِينَ72

තවද ඉස්හාක් හා ඊට අමතර ව යඃකූබ් ව ද ඔහුට අපි පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුවම දැහැමියන් බවට අපි පත් කළෙමු.
21:73ජුස් 17 · පි. 328

وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاءَ الزَّكَاةِ ۖ وَكَانُوا لَنَا عَابِدِينَ73

තවද අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් බවට අපි ඔවුන් පත් කළෙමු. තවද යහ ක්‍රියා සිදු කිරීමටත් සලාතය විධිමත් ව ඉටු කිරීමටත් සකාත් පිරිනැමීමටත් ඔවුන් වෙත අපි දේව පණිවිඩ එව්වෙමු. තවද ඔවුහු අපට ගැතිකම් කරන්නන් වූහ.
21:74ජුස් 17 · පි. 328

وَلُوطًا آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَاهُ مِنَ الْقَرْيَةِ الَّتِي كَانَتْ تَعْمَلُ الْخَبَائِثَ ۗ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَاسِقِينَ74

තවද ලූත් ගැන මෙනෙහි කරනු. ඔහු වෙත ප්‍රඥාව හා ඥානය අපි පිරිනැමුවෙමු. තවද අශීලාචාරකම් සිදුකරමින් තිබූ ගම්මානයෙන් අපි ඔහු ව මුදවා ගත්තෙමු. නියත වශයෙන්ම ඔවුහු පාපතර නපුරු පිරිසක් වූහ.
21:75ජුස් 17 · පි. 328

وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا ۖ إِنَّهُ مِنَ الصَّالِحِينَ75

තවද අපි ඔහු ව අපගේ ආශිර්වාදය තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔහු දැහැමියන් අතුරිනි.
21:76ජුස් 17 · පි. 328

وَنُوحًا إِذْ نَادَىٰ مِنْ قَبْلُ فَاسْتَجَبْنَا لَهُ فَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ76

තවද නූහ් ගැනද මෙනෙහි කරනු. මීට පෙර ඔහු ඇමතූ අවස්ථාවේ අපි ඔහුට පිළිතුරු දුනිමු. එවිට අපි ඔහු හා ඔහුගේ පවුල මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු.
21:77ජුස් 17 · පි. 328

وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ77

තවද අපගේ වදන් බොරු කළ ජනයාගෙන් (මුදවා) අපි ඔහුට උදව් කළෙමු. නියත වශයෙන්ම ඔවුහු නපුරු පිරිසක් වූහ. එහෙයින් ඔවුන් සියලු දෙනා අපි (ජලයේ) ගිල්වූයෙමු.
21:78ජුස් 17 · පි. 328

وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَ78

තවද දාවූද් හා සුලෙයිමාන් ගැන මෙනෙහි කරනු. පිරිසකගේ එළුවන් (රාත්‍රියෙහි අයාලෙ) එහි කඩා වැදුණු ගොවිබිමක් සම්බන්ධ (නඩු)ව ඔවුන් දෙදෙනා විනිශ්චය කළ අවස්ථාව මෙනෙහි කර බලනු. තවද ඔවුන්ගේ විනිශ්චය සඳහා අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු.
21:79ජුස් 17 · පි. 328

فَفَهَّمْنَاهَا سُلَيْمَانَ ۚ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا ۚ وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ ۚ وَكُنَّا فَاعِلِينَ79

සුලෙයිමාන්ට අපි එය අවබෝධ කර දුන්නෙමු. තවද ඒ සෑම කෙනෙකුටම අපි ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. දාවූද් සමග සුවිශුද්ධ කරන කඳු හා පක්ෂීන් වසඟ කර දුන්නෙමු. තවද අපි එය සිදුකරන්නන් ලෙස සිටියෙමු.
21:80ජුස් 17 · පි. 328

وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَكُمْ لِتُحْصِنَكُمْ مِنْ بَأْسِكُمْ ۖ فَهَلْ أَنْتُمْ شَاكِرُونَ80

නුඹලාගේ යුද ගැටුමින් නුඹලා ව ආරක්ෂා කරනු පිණිස නුඹලා වෙනුවෙන් යුද ඇඳුම් නිපදවීමේ කලාව අපි ඔහුට ඉගැන්වූයෙමු. (මෙසේ තිබියදී) නුඹලා තුති පුදන්නන් වන්නෙහු ද?
21:81ජුස් 17 · පි. 328

وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا ۚ وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ81

තවද සුලෙයිමාන්ට සැඩ සුළඟද පිරිනැමුවෙමු. ඔහුගේ අණින් එහි අපි සමෘද්ධිමත් කළ භූමිය වෙත එය ගමන් කරයි. සියලු දෑ පිළිබඳ ව අපි දැනුමැත්තන් වූයෙමු.
21:82ජුස් 17 · පි. 329

وَمِنَ الشَّيَاطِينِ مَنْ يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَٰلِكَ ۖ وَكُنَّا لَهُمْ حَافِظِينَ82

තවද ඔහු වෙනුවෙන් කිමිද යන්නන් හා ඒ හැර (ඔහුට) සේවය කරන්නන් ද ෂෙයිතානුන් අතුරින් වූහ. තවද ඔවුනට ආරක්ෂාව සපයන්නන් ලෙස අපි සිටියෙමු.
21:83ජුස් 17 · පි. 329

۞ وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ83

තවද අය්යූබ් ගැනද මෙනෙහි කරනු. නියත වශයෙන්ම පීඩාව මා වැලද ඇත. තවද නුඹ කරුණාවන්තයින් ගෙන් මහා කරුණාන්විතයාණන් යැයි ඔහු ඔහුගේ පරමාධිපති ව ඇමතූ අවස්ථාව සිහියට නගනු.
21:84ජුස් 17 · පි. 329

فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ ۖ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِنَا وَذِكْرَىٰ لِلْعَابِدِينَ84

එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. එවිට පීඩාවෙන් කවර දෙයක් ඔහු සමග වී ද එය අපි ඉවත් කළෙමු. තවද අපි ඔහුට ඔහුගේ පවුල ද ඔවුන් සමග වූ ඔවුන් හා සමාන අය ද අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් හා ගැතිකම් කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් පිරිනැමුවෙමු.
21:85ජුස් 17 · පි. 329

وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ ۖ كُلٌّ مِنَ الصَّابِرِينَ85

තවද ඉස්මාඊල් හා ඉද්රීස් හා දුල් කිෆ්ල් ගැන ද මෙනෙහි කර බලනු. සියල්ලෝම ඉවසිලිවන්තයින් අතුරිනි.
21:86ජුස් 17 · පි. 329

وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا ۖ إِنَّهُمْ مِنَ الصَّالِحِينَ86

තවද අපි ඔවුන් ව අපගේ දයාව තුළට ඇතුළත් කළෙමු. නියත වශයෙන්ම ඔවුහු දැහැමියන් අතුරින් වූහ.
21:87 · The prayer of Yunusජුස් 17 · පි. 329

وَذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِي الظُّلُمَاتِ أَنْ لَا إِلَٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ87

තවද මත්සයාට අයත් අය (යූනුස්) ගැනද මෙනෙහි කර බලනු. ඔහු කෝපයට පත් ව ගිය අවස්ථාවේ ඔහු වෙත අපි ශක්තිය නොදරනු ඇතැයි ඔහු සිතුවේය. පසු ව ඔහු අන්ධකාරයේ සිට “ඔබ හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔබ සුවිශුද්ධය. නියත වශයෙන්ම මම අපරාධකරුවන්ගෙන් කෙනෙකු වීමි“ යැයි ඇමතීය.
21:88ජුස් 17 · පි. 329

فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ ۚ وَكَذَٰلِكَ نُنْجِي الْمُؤْمِنِينَ88

එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහු ව දුකින් මුදවා ගත්තෙමු. එසෙලය අපි දේව විශ්වාසවන්තයින් මුදවා ගනුයේ.
21:89ජුස් 17 · පි. 329

وَزَكَرِيَّا إِذْ نَادَىٰ رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ89

තවද සකරිය්යා ගැනද මෙනෙහි කර බලනු. මාගේ පරමාධිපතියාණනි! ඔබ මා තනි ව අත හැර නොදමනු. තවද ඔබ උරුමක්කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයා යැයි ඔහු ඔහුගේ පරමාධිපතිව ඇමතුවේය.
21:90ජුස් 17 · පි. 329

فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ ۚ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا ۖ وَكَانُوا لَنَا خَاشِعِينَ90

එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. තවද අපි ඔහුට යහ්යා ව පිරිනැමුවෙමු. තවද අපි ඔහුට ඔහුගේ බිරිය දැහැමි කළෙමු. නියත වශයෙන්ම ඔවුහු යහකම් කිරීමෙහි යුහුසුලු වූහ. තවද ඔවුහු කැමැත්තෙන් හා බියෙන් අප ඇමතූහ. තවද ඔවුහු අපහට බියෙන් පසුවන්නන් වූහ.
21:91ජුස් 17 · පි. 330

وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِنْ رُوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِلْعَالَمِينَ91

තම කන්‍යාභව ආරක්ෂා කර ගත් තැනැත්තිය (වන මර්යම්) ගැන ද මෙනෙහි කරනු. එවිට අපි අපගේ ආත්මයෙන් එහි පිඹිවෙමු. තවද ඇය හා ඇයගේ දරුවා ලෝවැසියන්හට සංඥාවක් බවට පත් කළෙමු.
21:92ජුස් 17 · පි. 330

إِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ92

නියත වශයෙන්ම මේ නුඹලාගේ ජනසමූහය එකම ජන සමූහයකි. තවද නුඹලාගේ පරමාධිපති මම වෙමි. එහෙයින් නුඹලා මට ගැතිකම් කරනු.
21:93ජුස් 17 · පි. 330

وَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَاجِعُونَ93

ඔවුන්ගේ කරුණ ඔවුන් අතර වෙන් කළෝය. සියල්ල අප වෙත නැවත හැරී එන්නන් වෙති.
21:94ජුස් 17 · පි. 330

فَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ94

එහෙයින් කවරෙකු විශ්වාසවන්තයකු ලෙස සිට යහකම් අතුරින් යමක් කරන්නේද එවිට ඔහුගේ ශ්‍රමයට කිසිදු ප්‍රතික්ෂේප කිරීමක් නොමැත. තවද නියත වශයෙන්ම අපි ඔහු වෙනුවෙන් (එය) සටහන් කරන්නන් වෙමු.
21:95ජුස් 17 · පි. 330

وَحَرَامٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ95

අප විනාශ කළ ගම්මාන වෙත (එහි ජනයා නැවත පැමිණීම) තහනම් විය. නියත වශයෙන්ම ඔවුහු නැවත හැරී නොඑති.
21:96ජුස් 17 · පි. 330

حَتَّىٰ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُمْ مِنْ كُلِّ حَدَبٍ يَنْسِلُونَ96

අවසානයේ (බාධන) විවෘත කරනු ලැබු විට යඃජූජ් හා මඃජූජ් වන ඔවුහු සෑම උස් තැනිතලාවකින්ම වේගයෙන් පැමිණෙනු ඇත.
21:97ජුස් 17 · පි. 330

وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِنْ هَٰذَا بَلْ كُنَّا ظَالِمِينَ97

සත්‍ය ප්‍රතිඥාව සමීප වී ඇත. එවිට ප්‍රතික්ෂේප කළවුන්ගේ බැල්ම පහත් ව පවතී. අහෝ අපගේ විනාශය! සැබැවින්ම අපි මේ ගැන අනවධානයෙහි පසු වූයෙමු. එසේ නොව අපි අපරාධකරුවන් වූයෙමු.
21:98ජුස් 17 · පි. 330

إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنْتُمْ لَهَا وَارِدُونَ98

නියත වශයෙන්ම නුඹලා හා අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑ නිරයේ ඉන්ධන වෙයි. නුඹලා ඒ වෙත පැමිණෙන්නන් වන්නෙහුය.
21:99ජුස් 17 · පි. 330

لَوْ كَانَ هَٰؤُلَاءِ آلِهَةً مَا وَرَدُوهَا ۖ وَكُلٌّ فِيهَا خَالِدُونَ99

ඔවුන් දෙවිවරුන් වූයේ නම් ඔවුහු ඒ (නිරය) වෙත පැමිණෙන්නේ නැත. තවද සියල්ලෝම එහි සදාතනිකයෝ වෙති.
21:100ජුස් 17 · පි. 330

لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ100

ඔවුනට ඇත්තේ එහි විලාප නැගීමය. එහෙයින් ඔවුනට එහි (වෙනත් කිසිවක්) නොඇසෙති.
21:101ජුස් 17 · පි. 330

إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُمْ مِنَّا الْحُسْنَىٰ أُولَٰئِكَ عَنْهَا مُبْعَدُونَ101

නියත වශයෙන්ම පෙර ඉකුත් ව ගිය අපගෙන් යහපත තමන්ට හිමි වූවන් වනාහි ඔවුහු එයින් (නිරයෙන්) දුරස් කරනු ලබන්නන් වෙති.
21:102ජුස් 17 · පි. 331

لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِي مَا اشْتَهَتْ أَنْفُسُهُمْ خَالِدُونَ102

ඔවුහු එහි කිසිදු හඬකට සවන් නොදෙති. තවද ඔවුන්ගේ සිත් ආශා කරන දෑහි ඔවුහු සදාතනිකයෝ වෙති.
21:103ජුස් 17 · පි. 331

لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَٰذَا يَوْمُكُمُ الَّذِي كُنْتُمْ تُوعَدُونَ103

ඉමහත් භීතිය ඔවුන් දුකට පත් නොකරයි. තවද මෙය නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නුඹලාගේ දිනය වේ යැයි (පවසමින්) මලක්වරුන් ඔවුන් මුණ ගැසෙති.
21:104ජුස් 17 · පි. 331

يَوْمَ نَطْوِي السَّمَاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ ۚ وَعْدًا عَلَيْنَا ۚ إِنَّا كُنَّا فَاعِلِينَ104

පොත් හි ලේඛන හකුළන්නාක් මෙන් අහස අපි හකුළන දින, මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්‍රතිඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි එය සිදු කරන්නන් වෙමු.
21:105ජුස් 17 · පි. 331

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ105

නියත වශයෙන්ම මහපොළොව එය මාගේ දැහැමි ගැත්තන් උරුම කර ගනු ඇතැයි මෙනෙහි කිරීමෙන් පසු ව සැබැවින්ම සබූර් දේව ග්‍රන්ථයෙහි අපි සටහන් කළෙමු.
21:106ජුස් 17 · පි. 331

إِنَّ فِي هَٰذَا لَبَلَاغًا لِقَوْمٍ عَابِدِينَ106

නියත වශයෙන්ම මෙහි ගැතිකම් කරන ජනයාහට නිවේදනයක් ඇත.
21:107ජුස් 17 · පි. 331

وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ107

තවද ලෝවැසියන්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹ නොඑව්වෙමු.
21:108ජුස් 17 · පි. 331

قُلْ إِنَّمَا يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَهَلْ أَنْتُمْ مُسْلِمُونَ108

මා වෙත දේව පණිවිඩ දන්වනු ලබනුයේ, නුඹලාගේ දෙවිඳා එකම දෙවිඳාණන් වූ බවය. එහෙයින් නුඹලා අවනත වන්නන් වෙත්ද?
21:109ජුස් 17 · පි. 331

فَإِنْ تَوَلَّوْا فَقُلْ آذَنْتُكُمْ عَلَىٰ سَوَاءٍ ۖ وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَمْ بَعِيدٌ مَا تُوعَدُونَ109

එහෙයින් නුඹලා පිටුපෑවෙහු නම් එවිට මම නුඹලාට එක සමාන ව දැනුම් දී ඇත්තෙමි. නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීපයෙන් ද එසේ නැතහොත් දුරින්දැයි මම නොදනිමි.
21:110ජුස් 17 · පි. 331

إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ110

නියත වශයෙන්ම ප්‍රකාශයෙන් හෙළිවන දෑ ද ඔහු දනියි. තවද නුඹලා සඟවන දෑ ද ඔහු දනියි.
21:111ජුස් 17 · පි. 331

وَإِنْ أَدْرِي لَعَلَّهُ فِتْنَةٌ لَكُمْ وَمَتَاعٌ إِلَىٰ حِينٍ111

එය (එසේ ප්‍රමාදවීම) නුඹලාට පරීක්ෂණයක් ලෙස හෝ මද කලකට භුක්ති විඳීමක් ලෙස හෝ විය හැකි දැයි මම නොදනිමි.
21:112ජුස් 17 · පි. 331

قَالَ رَبِّ احْكُمْ بِالْحَقِّ ۗ وَرَبُّنَا الرَّحْمَٰنُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ112

මාගේ පරමාධිපතියාණනි, නුඹ සත්‍යයෙන් යුතු ව තීන්දු දෙනු මැනව! නුඹලා වර්ණනා කරන දෑට විරුද්ධව මහා කරුණාන්විතයාණන් වූ අපගේ පරමාධිපති උදව් පතනු ලබන්නාය. යැයි ඔහු (මුහම්මද්) පැවසීය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න